පාන්කඩ හංදියේ නිරාවරණය වූ කානුව අනතුරකට අත වනයි…

0
91

කානුව2

( 7.30 am ) මීගමුව- දිවුලපිටිය පාරේ පාන්කඩ හංදිය නිතර තදබදයක් ඇති ජනාකීර්ණ ස්ථානයකි.
කොප්පරා හංදිය දෙස සිට එනවිට හමුවන ප්‍රධාන හතරමංහංදියට මීටර් 10 ක පමණ දුරින් දකුණු පැත්තේ ඉහතකී අවධානම් කානුව දැකිය හැක. ඒ සමඟ ඇති කඩපෙළට යා යුත්තේ මෙම කානුව පසු කරමිනි. මේ නිසා ඕනෑම අවස්ථාවක අනතුරක්වීමේ ඉඩකඩක් ඇතිබව පෙනේ.

දිවුලපිටිය පාරේ නුගවෙල හංදියේ සිට පාන්කඩ හංදිය දක්වා ප්‍රදේශය කාලයක් තිස්සේ චීන ජාතික මහත්වරුන්ද සමඟ විශාල පිරිසක් මාර්ග සංවර්ධනයේ යෙදෙන ආකාරය දැක්කෙමු. නමුත් ඒ මෙකී පාරේම අනෙක් පැත්තෙහිය. මෙම අනතුරුදායක කානුව ඇත්තේ කොප්පරා හංදියේ සිට එනවිට දකුණු පැත්තෙහිය. මෙකී පැත්තේ ආරක්ෂිතව සකසා ඇත්තේ ඇවෙන්ඩ්‍රා ආයතනය ඉදිරිපිට පමණි. එසේම මෙම පාරේ බලධාරීන්ගේ අවධානයට යොමුවී ඇත්තේ එක පැත්තක් පමණි. ඒ ගැන අවට වෙළඳ ව්‍යාපාරිකයින් කනස්සල්ලෙන් සිටින අතර “මේ ගැන කාට කිව්වත් වැඩක් නෑ” යනුවෙන් ඔවුන් පවසති.

පාරේ මෙම ස්ථානය ඉතා පටුය. නිතර ඇතිවන තදබදය නිසා මෙහි ඇති අවදානම තව තවත් වැඩිවන බව පැහැදිළිය . නමුත් මේ කිසිවක් ගැන කිසිදු වගකිවයුත්තෙකුට වගේ වගක් නැත. මේ තත්වය මත, ඇස් දෙකක් ඇති බැවින් මෙම පාරේ දෙපැත්තම බලන ලෙසත්, එලෙස බලා වහාම මෙම කානු යථා තත්වයට පත්කිරීමට පියවර ගන්නා ලෙසත් අවධාරණය කර සිටිමු.

සැම්සන් ඥානසිරි