පාප්තුමන්ගේ නියෝගය කඩකල මීගමුවේ පියතුමන්ලා !

0
100

clock tower and the statue 2පසුගිය අප්‍රෙල් මහසභා රැස්විමට නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබුණි.
ඉන් එකක් වන්නේ එකක් වන්නේ මීගමුව දුම්රිය ස්ථානයේ ඇති ප්‍රතිමාව අලුත් වැඩියා කිරිම සදහා උදව් ඉල්ලිමින් තිල්ලන්දුව පල්ලියේ පියතුමා විසින් ඉදිරිපත් කර ඇති ලිපියකි.
අනික වන්නේ පුංචි රෝමය ආරක්ෂා කිරිම සදහා වු යෝජනාවකි.

එයට අනුව මීගමුව ප්‍රදේශයේ ආගමික ආරක්ෂාව හා රැකගැනිම තහවුරු කරගැනිම සදහා මීගමුවේ කතෝලික පියතුමන්ලා විසින් දායන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත එවා ඇති ලිපියකි.

ඉන් ඉල්ලා ඇත්තේ පුංචි රෝමය ආරක්ෂා කරගැනිම සදහා නගර මධ්‍යයේ ඔරලෝසු කණුවේ මුදුනතෙහි  මරිය මව්තුමියගේ  ප්‍රතිමාවක් කෙලින් විදියට මුහුණ ලා ඉදිකරන ලෙස කරන ලද ඉල්ලිමකි.
මේ අතර ලෝකයේ සමස්ථ කතෝලික සභාව වෙත වරක් පාප්තුමා ප්‍රබල ප්‍රකාශක් කර තිබුණි.
එනම් අයථා මාර්ගවලින් මුදල් හරි හම්බකරගත් අයගෙන් හෝ එවැනි කලු සල්ලි කිසිසේත්ම කිතුණු සභාවේ දේවල් සදහා යොදා නොගන්නා ලෙසය.

දැන් මීගමුවේ ඔරලෝසු කණුවෙහි මුදුනෙහි මරිය මව්තුමියගේ පිළිරුවක් ස්ථාපිත කර තිබේ.
එම සිදුවිමෙන් සතියකට පසු මීගමුව තුල තවත් දෙයක් සිදුවිය .එනම් මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් සැලසුම් කර මීගමුව නගර සභාවේ සේවකයෙකු සිය රාජකාරි වේලාවේදිම යොදවාගෙන මීගමුව මහනගර සභා රැස්විම වාර්තා කිරිමට ගොස් පැමිණෙමින් සිටි මාධ්‍යවෙිදියෙකුට මරාන්තික පොලු පහරක් එල්ල කිරිමය.
මේ ප්‍රහාරයෙන් දයාන් ලංසා ගැලවෙනු පිණිස පොලිසියේ ඇතැම් උසස් නිළධාරින්වද සහභාගිකරවා ගෙන දැන්  මෙගා ටෙලිනාට්‍යයක් නිර්මාණය කොට තිබේ.
එහෙත් මීගමුව පොලිසියත් මුළු මහත් සමාජයටත් වසංගන්නට බැරි එක් සත්‍යයක් වේ. එනම් මේ පහර දිම සිදුකරනු ලැබුවේ දයාන් ලංසා විසින් බවය.
ලංසා පවුලේ කළු සල්ලි වල බල මහිමය අද වන විට පල්ලි පන්සල් පමණක් තුල නොව පොලිසිය තුලින්ද දොරේ ගලා යමින් තිබේ.
මීගමුවේ දැන් මේ සිදුවෙමින් ඇති දේවල් ගැන මීගමුවේ බුද්ධිමත් කතෝලිකයන්ගේ දැනගැනිම පිණිස පමණක් මේ සටහන තබන්නට අප කල්පනා කලෙමු.