පාප්තුමාට අණ දෙන්නේත් ගෝඨාභයද ?

0
134

ap_pope_francis_easter_lt_130331_wmain

පාප් වහන්සේ ස්ථිර වශයෙන්ම ජනවාරි 13 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව කතෝලික සභාව  නිවේදය කර ඇතැයි දඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.
කතෝලික සභාවේ මෙසේ කරන්නට තින්දු කර ඇත්තේ ගෝඨභය රාජපක්ෂගේ තර්ජනයක් නිසා බවද වැඩිදුරටත් එහි සදහන්ය

 වෙබ් අඩවිය තවදුරටත් මේ සිදුවිම සමබන්ධයෙන් දිර්ඝ විස්තරයක් කරමින් පවසා සිටින්ෙන් …..යම් හෙයකින් ජනාධිපතිවරණය නිසා පාප්වහන්සේගේ සංචාරය අත්හි‍ටුවීමට ක‍තෝලික සභාව කටයුතු කළ හොත් එය ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට බලවත් පහරක් වන බැවින්  උන් වහන්සේගේ සංචාරය නියමිත පරිදි සිදු විය යුතු බව ගෝඨාභය රාජපක්ෂා විසින් බිෂොප් වරු ‍රැස්කර පවසා ඇති බවය
මේ සම්බන්ධයෙන් බලවත් අසීරුතාවයකට පත්ව ඇති කතොලික සභාව තීරණය කර ඇත්තේ පාප්වහන්සේගේ සංචාරය නියමිත පරිදි සිදු කිරීමටය. මේ සඳහා ජනාධිපතිවරණයේ කටයුතු බාධාවක් නොකරගත යුතු බවත් උන් වහසේගේ සංචාරයට ඒ බාධාවක් නොවන ලෙස ආරක්ෂාව හා අනෙකුත් පහසුකම් සලසා දෙන බවත් ගෝඨාභය මෙහිදී පොරොන්දු වී ඇති බවත් වර්තාවේ.
කෙසේ වෙතත් කතෝලික සභාවේ ප්‍රධානින්ගේ මේ තින්දුව ගැන ඇතැම් බිෂොප්තුමන්ලා සිය කණස්සල්ල පළකර ඇති අතර  මතුවන ප්‍රධානතම ගැටළුව වන්නේ අති උතුම් පාප්වහන්සේටත් නියෝග දෙන්නට තමන්ට පුළුවන් යැයි ලංකාවේ ආරක්ෂක ලේකම් වරයා සිතන්නට පටන්ගෙන තිබිම ගැනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here