ජනතාවට වැළෙඳන රෝගපීඩාදියට ගන්නා කෑම බීම ප්‍රධාන හේතුවක් බව අපි දනිමු. ආත්මාර්ථකාමී වුවමනාවන් මුලික කරගත් සමාජයක සියල්ල සිදුවන්නේ ලාභය මත පදනම්වය. ඒ සඳහා ඔ්නෑම කුණුගොඩක් විකුණා ගතහැක. ඒනිසාම මිනිසුන් ලෙඩවේ. රෝහල් පිරී ඉතිරීයයි. මෙවැනි පසුබිමක වුවද ලාභය පසෙකලා යහපත් අරමුණු සහිතව ක්‍රියාත්මක වන මිනිසුන්ද සිටීම සතුටට කරුණකි. එවැනි ව්‍යාපාරික මහතෙකු මීගමුවේ දී අපට හමුවූයේ අංක 2 ග්‍රීන්ස් පාරේදීයගඔහු නමින් ප්‍රියන්ත පෙරමුණය. ‘පෙරමුණ’ නිෂ්පාදන ඔහුගේ ව්‍යාපාරයේ නමයි. අවුරුදු 51ක් වයසැති , ගොවි පරපුරකින් පැවත එන පෙරමුණ මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු තම ව්‍යාපාරය ගැන අදහස් පළකලේ මෙසේය.
මම ප්‍රියන්ත පෙරමුණ. අපේ තාත්ත මෝසෙස් පෙරමුණ. තාත්ත පාරම්පරික ගොවිතැනෙහි යෙදුන කෙනෙක්.
සීයත් එහෙමයි. ඒ අයගේ ආදර්ශය මත තමයි අපි මේ කටයුතු දියුණු කරගෙන යන්නේ. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් මේ ව්‍යාපාරයේ පූර්ණ වශයෙන් වැඩකරනවා.
කොහොමද මෙහි වැඩ කටයුතු කෙරෙන්නේ ?
තම්මැන්නාව පාරම්පරික ”දේශීය කෘෂි මධ්‍යස්ථානය” මෙහි ප්‍රධාන පාලන මධ්‍ය ස්ථානයයි. එය ලංකාව පුරා ක්‍රීයාත්මක වෙනවා. එහි මඟපෙන්වීම අනුව තමයි මේ ‘පෙරමුණ නිෂ්පාදන’ ක්‍රියාත්මක වෙන්නේ. මෙය දිස්ත්‍රික් ගණනාවක ක්‍රීයාත්මක වෙනවා. ඉන් ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙන්නේ. මම මේක මීගමුවේ පටන් අරගෙන වසර 12ක් පමණ වෙනවා. පාන්දර 2.00ට මම නැගිටල කැඳ කෝප්ප 150 ක් හදනව. පෙ.ව. 6.15 මේ ස්ථානයට ගේනවා. 6.15 ට තමයි කැඳ දීම ආරම්භ කරන්නෙ. කැද සකස් කරන්නෙ අපිම වගාකරපු සහල් සහ ධාන්‍ය වලින්.
මොනවද ඒ සහල් හා ධාන්‍ය වර්ග කොහෙද ඒවා වගාකෙරෙන්නේ ?
කළුමඩැල්, මුත්තැස්ස, මාටින් සම්බා, උණකොල සම්බා ,වෙද හීනැටි , මසුරන් , දික්වී , සුදුහීනැටි, හැටදා වී , මාවී , රත්කරහැල් , මාවී, කුරුළු තුඩ යන සහල් වර්ගත්, අමු, මෙනේරි, කුරක්කන් , බඩ ඉරිගු ,තණහාල්, ආදී ධාන්‍ය වර්ගත් මේ සදහා යොදා ගන්නවා. ධාන්‍ය වර්ග බිබිල, බුත්තල, මිගලෑව, අඹන්පොල, වැනි ප්‍රදේශවල ගොවීන් ලවා වගාකරවීමෙන් පසුව ලබා ගන්නවා. බඩල්ගම ප්‍රදේශයේ තම්මිට, උතුරුකෙහෙල්ඇල්ල, දෙල් වගුර, සහ ජාඇල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මහමා එලියල බන්ඩිගොඩ, උතුරු බටගම, නිවන්දම දකුණ, ඉදිමින්න, පොල්පිති මූකලාන, යන ප්‍රදේශවල අපි වගාකරනවා.
කොහොමද අවශ්‍ය දැනුම ලබාගන්නේ
ජාඇල ගොවිජනසේවා මධයස්ථානය අවශ්‍ය තාක්ෂනික දැනුම ලබාදෙනවා. එසේම මෙම ව්‍යපෘතියට අදාලව විවිධ වැඩසටහන් , වැඩමුළු කරනවා, මේ අනුව පැලසිටුවීමල වල්නෙලීම, පොහොර යෙදීම ආදී සියළු දෑ පිළිබදව ලැබෙනවා. හිරු එලියෙන් සහ ජලයෙන් වැඩ ගන්න හැටි අපි දන්නවා. සියල්ල කරන්නේ සොබාදහමට අනුවයි.
මේ ව්‍යාපාරයේ අරමුණ මොකක්ද ?
විශේෂයෙන් ලාභ ලැබීමට වඩා පාරම්පරික දේවල් අගයමින් ඒවා අනාගත සමාජයට පරිභෝජනය කිරීම සඳහා ඉඩ සලස්වමින් අඛන්ඩව ඉදිරියට ගෙනයාම තමයි අරමුණ වෙන්නේ.