පාර්ලිමේන්තුවට ප්‍රතිපත්තිගරුක අය පමණක් යවමු! වෛද්‍ය හෙන්රි රොසාරියෝ

0
251

මහා මැතිවරණයට පෙර ..මීගමුව-කටාන තරුණ ව්‍යාපාරික හමුවක් ..

මීගමුව සහ කටාන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරික පිරිසක් සංවිධානය කළ විශේෂිත ව්‍යාපාරික හමුවක් අද (2024/11/10) දින  පෙරවරුවේදී මීගමුව, ගල්කන්ද හන්දිය   “”මාස්”” කන්සල්ටින් පුද්ගලික ආයතනයේදී පැවැත්වීණි .

img 20241111 wa0043213023093117863178
චම්පික හෙට්ටිආරච්චි
img 20241110 wa00752850005336136773291
img 20241110 wa0074449735073594735444
මිල්රෝයි ප්‍රනාන්දු
img 20241110 wa00734032721082114273191

               මෙම විශේෂිත තරුණ ව්‍යාපාරික හමුව සඳහා , ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූයේ මෙවර මහා මැතිවරණය සඳහා ජාතික ජන බලවේග පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වදින වෛද්‍ය හෙන්රි රොසාරියෝ ප්‍රනාන්දු සහ චම්පික හෙට්ටිආරච්චි යන අපේක්ෂකයින් දෙදෙනායි.
              මෙහිදී මීගමුව සහ කටාන ප්‍රදේශවල තරුණ ව්‍යාපාරික පිරිසක්  මෙම සුහද හමුව සඳහා සහභාගි වූ අතර  ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඔවුන් මුහුණ දෙන ගැටලු කරුණු කාරණා  මෙහිදී මේ අපේක්ෂකයන් දෙදෙනා වෙත ඉදිරිපත් කිරීම සහ  ඔවුන් විසින් ඉදිරිපත් කල , ඔවුන් මුහුණ දෙන ව්‍යාපාරික ගැටලු වලට   මෙවර මහ මැතිවරණයෙන් පසු  පිහිටුවන නව ජන බලවේග  රජයෙන් ලැබෙන විසඳුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කිරීම, මෙම  විශේෂ හමුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වී තිබිණි.

img 20241110 wa00717269188594206134066

              මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා ප්‍රකාශ කළේ මෙවර මහ මැතිවරණයේදී නීති ගරුක සහ යුක්ති ගරුක මෙන්ම ප්‍රතිපත්තිගරුක පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව සබුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි.  විශේෂයෙන් ජාතික ජන බල වේගය යටතේ මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින තමන් ඇතුළු  කන්ඩායමේ සියලු දෙනාගේ පුතිපත්තිය වන්නේ තම ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේ පොදු ප්‍රතිපත්තියම බව පැවසු වෛද්‍ය හෙන්රි රෝසාරියෝ  මෙහිදී පෙන්වා දුන්නේ පසුගිය වාරයන් වල පාර්ලිමේන්තුව නියෝජනය කල බොහෝ දෙනෙකු මෙන් තමන් ඇතුළු තම කන්ඩායමට  වාසි සහගත අරමුණු අරභයා  වෙනත්  පෞද්ගලික න්‍යාය පත්‍ර නොමැති  බවයි.

               එලෙසම වෛද්‍ය හෙන්රි රොසාරියෝ අවධාරණය කළේ මෙරට  ව්‍යාපාර සංවර්ධනය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ සැලසුම් ගනනාවක්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  සැලසුම් කර ඇති අතර  ඉතා ඉක්මනින්ම එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතරම ඒ තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සීග්‍ර සංවර්ධනයක් මෙන්ම පුනරුදයක් ඇති කිරීමට තම රජය කඩිනමින් කටයුතු කරන බවයි.
                එලෙසම රැස්ව සිටි පිරිස ඇමතු චම්පික හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන් සහ විශේෂයෙන්ම ගෘහ ආශ්‍රිත ආදී  ස්වයං ව්‍යාපාරවල යෙදෙන ව්‍යාපාරිකයින් නගා සිටුවීමේ වැඩසටහන් කිහිපයක්ම ,බලයට පත්වන තම රජයක් යටතේ කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. එලෙසම එවැනි ව්‍යාපාරිකයින් සඳහා එම ව්‍යාපාර දිරි ගැන්වීම වෙනුවෙන් විශේෂ සහනදායී නය යෝජනාක්‍රම වැනි වැටසටහන් කිහිපයක්ම සහ එලෙසම එවැනි ව්‍යාපාරිකයන් සඳහා යටිතල පහසුකම් නැන්වීම සඳහාද විශේෂ වැඩසටහන් කිහිපයක්ම තම රජය යටතේ ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

     එහිදී මෙම තරුණ ව්‍යාපාරිකයන් ,වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතාට සහ චම්පික හෙට්ටිආරච්ච් මහතාට තම ව්‍යාපාරික ගැටලු සහ ව්‍යාපාර සංවර්ධනය සඳහා ඉවහල් වන  විවිධ  ව්‍යාපාරික යෝජනා ඉදිරිපත් කලහ.එම ගැටළු සහ නව යෝජනා  සඳහා ඉදිරි මහා මැතිවරණයෙන් පසු පිහිටුවන නව ජන බලවේග රජයක් යටතේ නිවැරදි විසඳුම්  ලබා දෙන බවද ඔවුන් එහිදී රැස්ව සිටි ව්‍යාපාරිකයන්ට හට අවධාරණය කළහ.

                  මෙම ව්ශේෂිත  හමුව මීගමුව සහ කටාන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකයන් වෙනුවෙන් සංවිධානය කර තිබුණේ ” මාස් ” කන්සල්ටින් පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මිල්රෝයි ප්‍රනාන්දු මහතා විසිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here