පසුගිය දා මිගමුව ටෙලිකොම් කාර්යාලය හා බැදුන පුවතක් අප පළකර සිටියේ පාරිහෝගිකයෙකුට සිදුව තිබුන අසාධාරණයක් පිළබදවය.
එය පළකිරිමෙන් පසු ඉතා උනන්දුවකින් අදාල ප්රශ්ණය ගැන විමසිලිමත් වු මිගමුව ටෙලිකොම් ආයතනයේ කළමණාකරු හර්ෂ ගමගේ මහතා අදාල පාරිහෝගිකයා කැදවා ප්රශ්ණයට සාවදානව ඇහුම් කන් දි පැය අදාල සියලු තාක්ෂණික මැදිහත්විම්ද යොදාගනිමින් වරද සිදුව ඇති තැන නිවරදිව හොයා බලා එයට නිසිම පිළිතුර ලබාදි තිබුණි.
ගැටළුව වි තිබුනේ අදාල පාරිහෝගිකයාගේ මොබයිල් බ්රෙොඩ්බැන්ඩ් පැකේජයට හිමි දත්ත කව්රුවන් හෝ අයථා ලෙසින් භාවිතා කර තිබිම ගැනය . කාලය දෙමින් ඇත්තටම සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බලන්න මුල්වු කළමණාකාරතුමා අදාල ප්රශ්ණයට හේතුකාරණා සොයාගෙන තිබුනේ පාරිහෝගිකයාට පමණක් නොව ටෙලිකොම් ආයතනයට නව දැනුමක්ද එක්කරලමිනි.
අප විසින් කලින් පළකරන්නට යෙදුන පුවතට අදාල කිසිවෙකු විසින් මුරපද හොරකම් මෙහිදි සිදුව තිබුනේද නැත.
බස්නාහිර පළාතේ වේගයෙන් දියුණුව කරා යාමට ඉහල විභවයක් ඇති මිගමුව වැනි නගරයකට ඇවැසි වන්නේ හර්ෂ ගමගේලා වැනි උසස් මහත්මා නිළධාරින්ය.
අපට ඔබේ ප්රණාමය.