පාරෙන් ඉවතට ගිය පාසල් වෑන් රථය නිසා ත්‍රීවිල් දෙකක් අනතුරට ලක්වෙයි

0
358

11168491_959948717381195_2678180484872862575_nකොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ බෝලවත්ත අංගම්පිටිය ප්‍රදේශයේදි මාර්ගයේ ගමන්ගත් පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වැන් රථයක් මාර්ගයෙන් ඉවතට යැම නිසා සිදුවූ  බරපතල අනතුරකින් ත්‍රිවිල් රථ 2ට හානි සිදු වි හතරදෙනෙකු තුවාල ලබා මීගමුව මහා රෝහලට ඇතුල් කල බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙම අනතුර අද (05) උදැසන 7 ට පමණ සිදු වි ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ අංගම්පිටිය ප්රිදේශයේම් පිරිසකි එක් ත්‍රිවිල් රථයක් සම්පුර්ණයෙන්ම විනාශ වි එහි සිටි ත්‍රි රෝද රථ රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගතකල බව පොලිස් රථ වාහන අංශය කීය එම අනතුර සිදු වු ස්ථානයේ තිබු බස් නැවතුම් පළේ සිටි පාසැල් සිසුන් දෙදෙනෙකු පදිකයෙකුට හා ත්‍රිවිල්රථ ගාලෙ තිබු ත්‍රිවිල් රථ දෙකක් මෙලෙස හානි සිදු වි ඇත මීගමුව කට්ටුව ප්‍රදේශයේ සිට වෙන්නප්පුව දක්වා ධාවනය වු මෙම වැන් රථයේ ගමන් ගත් කිසිවෙකුට හානියක් සිදු වි නොමැති බවත් වැන් රථ රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වි ඇති බවට මුලික පරික්ෂණවලදි තහවුරු වු බව රථ වාහන අංශ නිළධාරින් පවසා සිටිති.
වෙන්නප්පුව පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත අත්තනායක මහතාගේ උපදෙස් මත කොස්තාපල් ප්රේ්මතුංග හා බණ්ඩාර යන නිළධාරින් මෙම අනතුර පිළිබඳව වැඩි දුර පරික්ෂණ සිදු කරයි

සටහන සහ ඡායා  –   චන්දන ප්‍රනාන්දු