පාරෙ ඉන්න අපටත් බඩගිනියි , අම්මේ…..

0
88

IMG-20201008-WA0003

” බඩේ ගින්දර නිවා ගන්න අපිට වාසනාවක් නෑ. ගෙවල් වල ඉන්න අයට නම් කොහොම හරි මොනව හරි කන්න හම්බ වෙනව. අපිට වැඩියෙන් හම්බ වෙන්නෙ ගල් පහර වල් , පොලු පහර වල් තමයි. ,,

මේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අසල ගැවසෙන බලු පවුලක අසරණ කම පැවසෙන සටහනක්. මම ගෙදර ඉඳන් A.G ඔපිස් එකට ගියෙ උදේ ආහාරය ගන්නෙ නැතිවයි. ඒ පැය ගානට මගෙ බඩ දනව. ඒත් එක්කම දැක්ක දර්ශනය බඩට විතරක් නෙවෙයි , පපුවටත් දැනුන. මට නම් ගෙදර ගිහිල්ල බඩේ ගින්න නිවා ගන්න පුළුවන් . මේ අම්මටයි දරුවන්ටයි එහෙම බලාපොරොත්තුවක් තියාගන්න බෑ. මේ අතරෙ කව්ද කරුණාවන්ත කෙනෙක් බත් පාර්සලයක් ගෙනත් දුන්න.  දුන්න සැනින්ම ඒක ඉවර කළා .
තවත් කෙනෙක් සොසේජ් බන් එකක් ගෙනත් දෙනව දැක්ක..
කෙරෝනා නිසා තවත් කී දෙනෙකුට මේ විදිහට බඩ ගින්නෙ ඉන්න වෙලා ඇද්ද?

සැම්සන් ඥාානසිරි