පාර ලෙල්ලමක් කර මීටරේ නීතිය බල්ලට දමයි….

0
57

.
මීගමු මාළු ප්‍රධාන ලෙල්ලම් දුන්ගාල් පිටිය පොලීසියේ අවසරය මත වසා දමයි. ඒ නිසා තමන්ගේ මාළු විකුණා ගැනීමේ අවශ්‍යතාව මත වෙළෙඳ මහත්වරු පාරේ තැනින් තැනට වී මාළු විකිණීමට කරන උත්සාහයක් දක්නට තිබිණ.

මීට පෙර කොරෝනා වසංගතයේ ආරම්භක අවස්ථාවේ ද පොලීසිය විසින් මෙලෙස ලෙල්ලම වැසූ අතර ⁣මාළු විකුණන සහ මාළු මිලදී ගන්නා අයගෙන් පාර වැසී තිබුණු ආකාරය අපට මතකය.

එදින පොලීසිය විසින් වෙළඳ මහත්වරුන්ට පහර දෙමින්, බැන අඬගසමින් නීතිය අකුරට ක්‍රියාත්මක කරන ලදී.

එදාට වඩා අද කොරෝනා වසංගතය විසින් භයානක තත්වයක් නිර්මාණය කර ඇත.

මෙවැනි පරිසරයක් තුළ ජනතා ආරක්ෂාව ප්‍රධාන වන බවට නිතර අපව දැනුවත් කරන බලධාරීන් සහ මාධ්‍ය ඒ පිළිබඳ පැහැදිළි වැඩපිළිවෙළකින් තොරව කටයුතු කිරීම කණගාටුවට කරුණකි.

ලෙල්ලම වැසීමෙන් පමණක් වසංගතයෙන් ආරක්ෂා වීමේ අදහස ප්‍රායෝගික කළ නොහැකි බව මේ අනුව පැහැදිළිවේ.


මේ නිසා සිදුවන්නේ රජය විසින් ජනතාවගේ මූලික අවශ්‍යතා පිළිබඳව අවධානය නොදී හිතුමතේට තීරණ ගැනීමත් , ඒනිසාම ජනතාව පීඩාවට පත්වීමත්ය.
සැම්සන් ඥානසිරි

ලෙල්ල