පාර වැසේ ?

0
259

accident1
පසුගිය දිනක මීගමුව මීරිගම පාරේ පාන්කඩ හන්දියේ සිට දීන්හන්දිය දක්වා මාර්ගය පෙර වරුවේ වසා තිබුනේ මෙහි ඡායා රුපයෙන් දැක්වෙන විශාල යන්ත්‍ර ප්‍රවාහනය කිරිමේදි එය අධික උසින් විමත් එය දුරකථන රැහැන් වල පැටලි කනු කඩාවැටි පැය කිහිපයක් වාහන ගමනා ගමනය අඩාලවීම නිසාය.
පසුව විකල්පයක් ලෙස ජයරත්න පාර සහා ලාසරස් පාර භාවිතා කරනු ලැබීය
කඩා වැටුනු දුරකථන කනු ටෙලිකොම් අයතනයෙන් ඉවත්කරන ලද අතර විදුලි බලමණ්ඩලය සේවකයින් විසින් තාවකාලිකව විදුලිය විසන්දි කර රැහැන් ගැලවිම කටයුතු සිදුකරන ලදි.කෙසේ වෙතත් අප මතකයට නැගෙන්නෙ පොලිසිය  විදුලි සංදේශය සහ  විදුලි බලමණ්ඩලය එක්ව විදුලි සහ ටෙලිකොම්  රැහැන් ඔසවාලමින් මිගමුව නිල්මැරයින් අයතනයෙන් උස බෝට්ටු  (විශාල බහුදින යාත්‍රා) පිටිපන  හරහා ගෙන ගිය ආකාරයයි

ඡායා සහ සටහන
සුජාඉල් මුනියර්    13-04-2014