පාලකයින්ට බුද්ධිය ඉල්ලා දේවමෙහෙයක් අඹකදවිලදී

0
84
????????????????????????????????????
????????????????????????????????????
හලාවත අඹකදවිල සමිදුගම බහුමාන් වත්තෙන් ගත වු වසර හතරකට වැඩි කාලයක සිට වැලි අසීමිතව ඉවත් කිරිම නිසා ප්‍රදේශවාසින් මුහුණ දි සිටින පාරිසරික ගැටඵව විසදිමට පාලකයින්ට බුද්ධිිය පහල කර දෙන ලෙසට දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සුවිශේෂ දිව්‍ය පුජා මෙහෙයක්   29 දා  පෙරවරු කාලයේ දි අඹකදවිල ධීවර ගමිමානයේ දි පැවැත්විණි 

 

හලාවත රදගුරු අති උතුමි දේවධර්මාචාර්ය දෙවිශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ පුර්ණ ආශිවාර්දයෙන් අඹකදවිල සාන්ත රෝගුස් දෙවි මැදුරු මිසමෙි මිසමි පාලක පීට්ර බොතේජු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම යැදුමි දේව මෙහෙය පැවැත්විණි.
මෙම පරිසර විනාශය සමිබන්දයෙන් මෙයට වසර දෙකකට කලින් ඉරිදා ලංකාදීප පුවත් පත ගවෙිෂණාත්මකව ලිපියක් ද පල කර තිබුණි.
ඊට කන්‍යා සොයුරියන් පිරිසක් මෙන්ම විශාල ප්‍රදේශවාසින් පිරිසක් ද එක්ව සිටියහ
මෙම දේව මෙහෙයේදි අදහස් දකවමින් පිටර් බොතේජු පියතුමා මෙසේ ද කීහ
”අප ගම ජනතාවට පාරිසරික ගැටඵ ගණනාවක් ඇති කරමින් පිරිසක් බහුමාන් වත්තෙන් වැලි කපා ඉවත් කරමින් කටයුතු කරති මෙම ගැටඵව නිසා මෙම ගමිවාසින් හට පානය කිරිමට ජලය සොයා ගැනිම මෙි වන විට විශාල ගැට`ඵවක් වි ඇත ගමිවාසි අප විසින් ෙමි සමිබන්දයෙන් විවිධ පාලකයින් හට කරුණු දක්වා ඉල්ලා සිටියේ මෙම විපත නවතා දමන ලෙසට ඉල්ලා සිටියත් මෙි දක්වා වැලි ඉවත් කිරිම නතර වි නොමැත .
අපට පාරට බැස විරෝධතාවන් සිදු කිරිමට අවශ්‍ය නැත ඔබ වහන්සේගේ මහිමයෙන් මෙම විපත නවතා ජනතාව ගලවා ගැනිමට පාලකයින්ට බුද්ධිය පහල කරණු මැනවි. ඉතා කෙටි කාලයත් ජීවත් වීමට වරමි ලබා මෙලොව අපන් මිනිසුන් වසර දහස් ගණනක ආයු ඇති මෙ මහ පොලව විනාශ කරලිම සිදු විය නොයුත්තකි. එවන් මර්ධනය කිරිම අතිතයේ පටන් සිදුව ඇත. ඒ අනුව අපට  පිහිට වුව මැනවි.මෙම විපතින් අප මුදා ගැනිමට
සමහරු අපෙන් විමසනවා මෙි පිටුපස ඉන්නේ කවුද කියා  අසනවා ? මෙම ගැටඵව විසද ගැනිමට කටයුතු කරණ අප පිටුපස සිටිනුයේ අප දිරිමත් කරණුයේ දෙවියන් වහන්සේ පමණක් බව ඔවුන් වටහා ගෙන නැත. එම නිසා පියාණනි අපට පිහිට වුව මැනවි යයි ද කීහ. ”
ප්‍රදේශය පුරා මෙම වැලි ජාවාරුමින්ට එරෙහිව කඵ කොඉි ද ඔසුවා තිබු බව දැක ගත හැකි විය
දිව්‍ය පුජා මෙහෙයේ අවස්ථා ජායාරූප වල දැක්වෙි.


සටහන සහ ඡායා –  ඔගස්ටින් ප්‍රනාන්දු -හලාවත