පාලම කැඩී මාස 3යි තවමත් පිළිසකර කර නැහැ..ප්‍රෙදේශවාසීන් ලතවෙයි

0
62

මෙම පාලම  පිහිටා ඇත්තේ දළුපත ගෑස් කොම්පැණීය අසලින්  දිවෙන ‘ මොන්ටිසෝරි “ මාවතේයි.  ඒ  මාවතේ නිවාස 15 ක් පමණ  ඇති අතර එම ජනතාව සිය ප්‍රධාන ගමන් මාර්ගය ලෙස භෘවිතා කරන්නේ මෙම මාවතයි. එම මාර්ගයේ පිහිටා ඇති මෙම පාලමේ එක පැත්ත්ක්  මේ ආකාරයට  කඩාවැටී ඇත්තේ පසුගිය අවුරැද්දේ ඔක්තෝම්බර් මාසයේයි.  පාලම යට ඇති එක් පැත්තක  කණුවක් කඩා වැටී ඇත්තේ  ඇල  මාර්ගයේ  කුණු  හා කපා දැමූ ගස් කදන් හිරවීම නිසා  ඇතිවූ ජල පහලේ සැරට බව බව ප්‍රද්ශවාසීන් පවසති.
මේම පාලම කඩාවැටීම නිසා සාමාන්‍ය ලෙස  සිදුවූ ඔවුන්ගේ  ප්‍රවාහන කටයුතු මේ වනවිට නැවති ඇතත් එම ජනතාවට  වෙන පහසු මගක් නොමැති නිසා  එම පාලම භාවිතා කරන්නේ බොහෝ අපහසුතා වලට මුහුණ දෙමිනි.  පහත් වූ පාලම ට ලෑලි වලින් වෙනදා මෙන් තමන්ගේ වාහන,යතුරැ පැදි  සිය නිවෙස් වලට ගෙන යා නොහැකි නිසා ඔවුන් ඒවා පාලම ආරම්භයේ කොණක නවතා තබයි. මෙතනින් පාසල් යන දරැවන්  ඇරලීමටත් ඔවුන් නැවත එනතුරැ මග රැකීමටත් දෙමාපියන්ට සිදුවී  තිබීම අති දුෂ්කර කටයුත්තකි. ඒ වගේම රෝගාතුරවූ මෙන්ම වයස්ගත  පුද්ගලයින්ට  මෙම සථානයෙන් ගමන් කිරීම අවදානම් සහිතය. තවත් වැසි සමයක් පැමිණියහොත් පාලමේ අනෙක් කොටසත් පහතට කඩා වැටිය හැකි බව ද ප්‍රෙද්ශවාසීන්ගේ අදහසයි.

පාලම හා ඡන්ද පොරොන්දු
මෙම පාලම කඩා වැටී ඇත්තේ 2011 ඔක්තෝම්බර් මාසයේයි. ඒ කාලයේ පළාත්පාලන ජන්දය පැමිණි නිසා මීඝමුවේ බොහො පාරවල් කාපට් කෙරිණි. මෙම පාලම ද කාපට් කෙරැණේ කඩා වැටීමට පෙර ඡන්දයට සූදානම්  වන දිනවලදීය. පාලමේ කඩා වැටීම පිළිබදව එම ජනතාව දේශපාලන නියෝජිතයන් හා බලධාරීන් දැනුවත් කර  පාලම සාදා දෙන ලෙස  ඉල්ලීම් කර දැනට මාස 3ක් පිරෙන්නට ලංවී ඇත. කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් තවම සිදුවී නොමැත. මෙම පාරේ පදිංචි ජනතාව ඉල්ලන්නේ  දැනට අඩි 8කින් සමන්විත පාලම  අඩි 10 ක් දක්වා පළල් කර දෙන ලෙසයි. එමෙන්ම කඩා වැටී ඇති මෙම පාලම ඉතා ඉක්මණින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

දලුපත කැඩුණ පාලම

ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන්