පාලු ගෙයි වලන් බිදින පත්තරකාරයන් සහ වෙබ් මාධ්‍ය වෘත්තියේ හෙට දවස ?

0
253

webmedia laucnh 200හෙට දවසේ මාධ්‍ය කලාව බවට වෙබ් මාධ්‍යකරණය පත්වෙමින් තිබේ. එහෙත් ලංකාව වැනි රටකදි එය ඔසවා තැබිය යුතු ඉහලම තැන තබන්නට එල්ලවෙමින් ඇති බාධාවන් රැසකි.
වෙබ් මාධ්‍යකරණයේ වෘත්තිය බව ගැන වගේ වගක් නැතිව කරගෙන යනු ලබන අතේ රෝල් වෙබ් මාධ්‍යකරුවන් මේ ඇති එක් අභියෝගයකි.
අනික් අභියෝගය නම් වෙබ් මාධ්‍යකරණය ගැන හයක් හතරක් නොදැන මෑතක සිට පත්තර බණ කියන්නට පැමිණ සිටින පත්තර සාදුලාය.
මේ අය විසින් මෑත භාගයේ පාලුගෙවල්හි ලැග වලන් බිදිමේ ව්‍යපෘතියක නිරතව සිටි.
ඒ අය කියන්නේ රජය විසින් වෙබ් මාධ්‍ය ලියාපංදි කිරිමට ගෙන ඇති තීන්දුව අතිශය භායනක බවය.අන්තර්ජාලයේ පමණක් ලියා පදිංචි කිරිමට යෝග්‍ය  යැයි කියන පිරිිසක්ද මේ අතර වෙති.
මේ සියල්ලෝම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැදුනම් පත් දරා සිටිමින්ම ඔවුන් කියන්නේ වෙබ් ලියාපංචිය නැවැත්විය යුතුබවය.
අලුතින් වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රය හරහා මාධ්‍ය කලාවට පිවිස පුවත් වෙබ් කරණයේ යෙදෙන මාධ්‍යවේදින් හට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත නැවත ලබාගතහැකි එකම ක්‍රමය වන්නේ මෙසේ සිය පුවත් වෙබ් අඩවිය ලියාපදිංචි කිරිම හරහාම පමණි.පුවත් වාර්තාකරණයේදි කිසියම් ආයතනයකට යන විටදි එකි මාධ්‍යවේදියාගේ අනන්‍යතාවය ගැන අදාල බලධාරින්ට විශ්වසනීය බවක් ලබා ගැනිම සදහා ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේ මාධ්‍ය හැදුනුම්පත වැදගත් එකකි.
එසේ ලියාපදිංචි විම මගින් වෙබ් මාධ්‍යවේදියා හට අනෙකුත් මාධ්‍යෙවේදින්ට මෙන්ම ලැබෙන්නට නියමිත වරප්‍රසාද රැසකි.
රු ලක්ෂයක ණයක් උපකරණ සඳහා ඉල්ලුම් කළ හැක.
එපමණක් නොව රු ලක්ෂයක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ලැබිම ද තවත් ලැබෙන අයිතියකි.
රජයේ ප්‍රවෘත්ති සාකච්ජා අාවරණය කිරිමට සඳහා මෙයින් ඉඩ සැලැසෙන අතර සියලුම රජයේ නිවේදන ලබාගැනිමට නිළ අයිතියක්ද පැවරෙනු ඇත.
ඉහත සඳහන් සියළු වරප්‍රසාද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පතපතට හිමිකම් කියන අයට ලැබේ.
මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍යවේදින් මාධ්‍යවේදින් ලෙසින් සලකන පසුබිමක බොහෝ විට බොහෝ අය වෙබ් කරුවන් මාධ්‍යවේදින් ලෙසින් සලකන්නට අකමැතිය.
ඒ ඒ  බොහොමයක් හෙට දිනයේ පත්තර පිටුවට පුවත් එකතු කර ගනු ලබන්නේද වෙබ් අඩවි තුලින්මය.
මිතුරු සමාජ වෙනුවෙන් හෝ වෙනත් පටු අරමුණු වලින් වෙබ් අඩවි ක්‍රියාත්මක කරන අයට නම් වෙබ් ලියාපදිංචිය අවැසි නැත.එසේත නැතිනම් අවුරුදු ගාණක් වෙබ් අඩවිය ක්‍රියාත්මක කොට පවත්වාගෙන ගියද එහි ලිපි බැලිමට පාඨකයන් පැමිණෙන්නේ නැතිනම් හිට්ස් අඩුනම් ඇලෙක්ෂා රේටින්වල කිසිදු වැදගත් අගයක රැදෙන්නේ නැතිනම් ඒ අය කලබල විය යුතු නැත.එවැනි වෙබ් අඩවි වලට ඇඩ් නොලැබුනද කමක් නැති වන්නේ අදාල රාජ්‍ය නොවන ආයතනය විසින් ඒවා සහ එවායේ ක්‍රියාකාරින් නඩත්තු කරන බැවිනි.
එහෙත් වගකිමකින් යුතුව වෙබ් මාධ්‍යකරණයේ නියැලෙන සැම තම මාධ්‍ය කලාව වඩාත් විශ්වසනිය තැනකට ගෙනඒමටත් එහි වෘත්තිය භාවය නිරන්තරයෙන්ම ඉහල නංවා ගැනිමටත් කල්පනා කරන පසුබිමක අන් මාධ්‍යවේදින් මෙන්ම නිසි තැන ලබාදිම සදහා මේ වෙබ් ලියාපදිංචි කිරිම යෝජනා කර තිබේ.
තතු එසේව තිබියදි වෙබ් මාධ්‍යකරණය ගැන මෙලෝ බල බෝලයක් නොදන්නා පත්තර ඔස්තාර්ලාගේ  පත්තර බණ සහ ඒ බණ වලට කටහඬ දෙනු ලබන ඇතැම් මාධ්‍යය ද දැන හෝ නොදැන කරනු ලබන්නේ වෙබ් මාධ්‍යය වෘත්තියභාවයට උසවා තබන්නට ඇති ඉඩකඩ අහුරාලන්නට වැඩකටයුතු කිරිමය.
වෙබ් මාධ්‍ය ගැන පත්තරකාරයන්ගෙන්  අහන මාධ්‍ය සහ ඒවා ක්‍රියාත්මක කරනු ලබන අය ගැනද අපට ඇත්තේ දුකකි.
තවත් එක් කරුණක් අවධාරණය කරනු කැමැත්තෙමි.
මෙසේ වෙබ් ලියාපදිංචි නොකරන්නැයි කියන පත්තර  අයියලාට කියන්නට ඇත්තේ මේ වසරේදි නිකුත්කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත ලබාගන්නේ නැතිව සරමද අතින් උස්සාගෙන තමන් මේ රටේ අංක එකේ ගවේෂකලා නිසා  අපට මිඩියා අයි.ඩි ඕනේ නෑ යැයි කියා  පත්තර රස්සාවේ නිරත වන ලෙසය…
එසේ කරද්දි කවුරුන් හෝ ප්‍රශ්නයක් මතු කළ හොත් ඇත්තේ සරල පිළිතුරකි.
එනම් මේ රටේ පුවත් වෙබ් අඩවිකරුවන්ට සහය දැක්විම පිණිස තමන්ලාද මේ වසරේ සිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත එපා කියන බවය.මන්ද පත්තර රස්සාවම කරන් ඉන්න අපි වෙබ් ලියාපංදිචි කරනවාට මරාන්තික ලෙස විරුද්ධ බැවින් ඒ ගැනද සදහන්  නලලතේ පටියක්ද බැදගත හැක්කේ නම් තවත් අගනේය.