පාසලට කීර්තියක් ගෙනදුන් ක‍්‍රීඩිකාවට උපහාරයක්

0
99

P1160290
මළල ක‍්‍රීඩාවට විශේෂ ක‍්‍රීඩා දස්කම් පෙන්වමින් එම ක්ෂේත‍්‍රයේ ජයග‍්‍රහණ රැුසක් ලබාගත්  දිලිනි මලිෂා සිසුවිය ඇතු`ඵ මීගමුව දකුණ ජාත්‍යාන්තර පාසලේ කී‍්‍රඩාවට දක්ෂ තවත් සිසුවෙක් සහ සිසුවියක් පිලිගැනීමේ විශේෂ උත්සවයක් පසුගිය ජුලි 13 වැනි දින පැවැත්විණි. එහිදී පාසලේ විදුහල්පති ආචාර්්‍ය පෝල් පෙරේරා මහතා විසින් ඇයව මහත් හරසරින් පිලිගනු ලැබූ අතර ඇයගේ කී‍්‍රඩා කෞෂල්‍යය නිසා එම විද්‍යාලයට ලැබුනු කිරී්තිය පිලිබ`දව විශේෂ ඇගයීමක්ද කලේය. එලෙසම ඇයට එම විද්‍යාලයෙන් නොමිලේ අධ්‍යාපනය හැදෑරීමට විශේෂ ශිෂ්‍යත්වයක්ද පිරිනමනු ලැබීය. P1160282
 දිලිණි මලිෂා  පසුගිය ජුලි 14 සහ 15 යන දෙදින තුළ පැවති ” ලංකා ලයන්ස් ” සමස්ථ ලංකා කී‍්‍රඩා තරගාවලියේදී 12 පහල වයස් කාන්ඩයේ මීටර් 75 බාලිකා ධාවන තර`ගයෙන් නව ශි‍්‍ර ලංකා වාර්තාවක් තැබුවාය. එහිදී ඇය මීටර් 75 තත්පර 10.4 ක කාලයකින් නිම කර මෙම නව ශි‍්‍ර ලංකා තරග වාර්තාව තැබූ අතර 2006 වසරේදී එම ඉසව්ව සදහා තත්පර 10.5 වාර්තාව මේ අනුව  අභිබවා යාමට ඇයට හැකියාව ලැබිණි. එම තරගාවලියේදී ඇය වයස 12 පහල බාලිකා මීටර් 75 හා 100 යන ධාවන ඉසව් සදහා ද දුර පැනීමේ ඉසව්වෙන්ද ප‍්‍රථම ස්ථාන ලබා ගනිමින් රන් පදක්කම් ජයග‍්‍රහණය කළාය.
P1160285
එම උත්සවයේදී ඇයගේ මව් පියන් වන මාකස් ගෝමස්, ඩිලානි සෝසා සහ විද්‍යාලයේ කී‍්‍රඩා විෂය භාර ගුරු බෙවලි නැතෝල් මහත්මිය, පුහුණුකරු හිලරි රෝස් මහතා සහ විදුහල්පති ආචාර්්‍ය පෝල් පෙරේරා මහතා සම`ගින් ඡුයාරූපයකට පෙනී සිටි අවස්ථාවයි මේ.

P1160295

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here