පාසල් නිවාඩු සමය වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය

0
520

 0001 train

 

පාසල් නිවාඩු සමය වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි බී ඒ පි ආරියරත්න මහතා පවසයි. මේ අනුව ලබන මස 9 වැනිදා සිට සැප්තැම්බර් මස 9 වැනිදා දක්වා සාමාන්‍ය දුම්රියවලට අමතරව විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.
මේ අතර කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන අංක 1033 දරන නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය ලබන මස 27 වැනිදා සිට ධාවනය වන වේලාව සංශෝධනය කර තිබෙ.් ඒ අනුව දැනට කොළඹ කොටුවෙන් පස්වරු 5.20 ට ආරම්භ වී රාත්‍රි 8.00 ට මහනුවරට ළගා වන දුම්රිය ලබන මස 27 වැනිදා සිට ගමන් කරන්නේ පස්වරු 2.20 ටයි. එය පස්වරු 5.26 ට මහනුවරට ළගාවීමට නියමිතයි.
www.slbc.lk

Save