පාසල නිමවී පැමණෙමින් සිටි සිසුවියක් බස් රියේදී මිය යයි

0
143

 ජුනි 20 න සදුදා දින කුරණ සා.ආනා විදුහලේ සිසුවියක් පාසල නිමවී පැමිණෙමින් සිටියදී බස්රිය තුළදීම හදිසියේ මිය ගියේය.  මෙලෙස හදිසි මරණයකට ලක් වුයේ කුරණ ශාන්ත ආනා විද්‍යාලයේ වානිජ අංශයේ ඉගෙනුම ලබමින් සිටි ඈන් මෙතුශලා නතාලි පීරිස් යන 17 හැවිරිදි සිසුවියයි. ඇය ජීවත් වන්නේ කටාන කදවල ප්‍රෙද්හයේ වන අතර කදාන , ප්‍රනාන්දු මාවතේ අංක 443/04 දරණ නිවසේ පදිංචි එම්. ඩබ්ලි්‍යු .සුනිල් පීරිස් සහ අනුෂා කුමුදු දිසානායක යුවලගේ දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියයි.

එදින පාසල නිමවී සිය පාසල් මිතුරු මිතුරියන් සමග කොළඹ-මීගමුව 240 බස් මාර්ගයේ පෞද්ගලික බස් රථයකින් ආපසු පැමිනෙමින් සිටින අතරතුරේදී මේ අවසනාවන්ත මරණය සිදු වී තිබේ. එදින පාසල නිම වී පස්වරු 1.40 ට පමන සිය මිතුරු මිතුරියන් සමගින් කුරණ ප‍්‍රදේශයේ බස් නැවතුමකින් මීගමුව නගරය බලා එන්නට පිටත් වූ ඇය, බස් රථයේ රියදුරා විසින් සිදු කල හදිසි බ්රේක් ගැසීමකින් පසු බස් රථය තුල මුනින් අතට ඇද වැටී ඇත. අවට සිට අය ඇයව ඔසවා නැගී සිටුවන්නට උත්සුක වුවත් එහිදී ඇයගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොලද විට ඇයව මීගමුව රෝහලට රැගෙන යාමට බස් රථයේ පැමිණි කිහිප දෙනෙකු යෝජනා කර ඇත. නමුත් එම පෞද්ගලික බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා ඇයවත් ඇ සමග  ප‍්‍රදේශයෙන් මෙම බස් රථයට නැගුන කුරණ ශාන්ත ආනා විදා්‍යාලයේ 25 ක් 30 ක් තරම් වන සිසු සිසුවියන්වත්  මීගමුව ගල්කන්ද හංදියෙන් බස්සවා ඇත.  මෙම සිසු සිසුවියන් පසුව මාර්ගයේ ගමන් කල ත්‍රීරෝද රථයකට ඇය නංවා මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ.  එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරු ඇය මිය ගොස් ඇති බව සදහන් කර ඇත.    

මිය ගිය මෙතුශලා නතාලි පීරිස් දැරියට කුඩා කාලයේ දී හෘදයේ රෝගී තත්වයක් තිබුණ බවට ඇයගේ ඥාතීන් ප්‍රකාශ කළ  අතර ඒ සදහා ඇය කාලයක් යනතුරු වෙද්‍ය ප‍්‍රතිකාර ලබාගෙන ඇති වර්තා ද  වෙද්‍යව

පාසල් සිසුියගේ මරණය
පාසල් සිසුියගේ මරණය

රැන් වෙත ඉදිරිපත් කළේය . ඉන් පසු වෛද්‍යවරුන් නිගමනය කර ඇත්තේ ඇය ලබා ගත් වෛද්‍ය ප‍්‍රතිකාර මගින් එම රෝගී තත්ත්වය සම්පුර්ණයෙන්ම සුව වී ඇති බවයි. ඒ නිසා ඇයව මෑත කාලයේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් නොකල බවද වාර්තා වේ. ඇය උසස් පෙල 2013 විභාගයට පෙනී සිටීමට නියමිතව පසුගිය මැයි 23 දා ඇය කුරණ ශාන්ත ආනා විද්‍යාලයට ඇතුලත් වී තිබේ. ඊට පෙර ඇය අධ්‍යපනය හදාරා ඇත්තේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙනි.

සටහන සහ ඡායා – තුෂාර රොහාන්