පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලංකාව පුරා කුඩා දරුවන් 45 ක් මිය ගිහින්

0
70

proxy.duckduckgo.comපාස්කු ඉරිදා (21 වනදා ) ශ්‍රී ලංකාව පුරා සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාර වලින්  කුඩා දරුවන් 45 දෙනෙකු මියගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති යුනිෆේ සංවිධානය පවසන්නේ ඇතිවූ මෙම තත්ත්වය මෙම පහරදීම් දරුවන් හා යෞවනයන්ට බලපා ඇති ආකාරය පිළිබඳ තොරතුරු තවමත් අප වෙත  ලැඛෙමින් තිඛෙන අතර ශ්‍රී  ලාංකික සහ වෙනත් ජාතිකයන් විශාල සංඛ්‍යාවක්   ඝාතනය කර ඇති අතර එයින්  තුවාල ලැබූ බොහෝ පිරිසක්  දැන් දැඩි සත්කාර ඒකකවල තම ජීවිත වෙනුවෙන් සටන් කරන බවයි. බොහෝ දරුවන්ට සිය මව හෝ පියා  මෙන්ම දෙමව්පියන්  අහිමිව තිඛේ.  ගණන් කළ නොහැකි දරුවන් ප්‍රමානයක් මෙම ම්ලේඡ හා ප්‍රචන්ඩ ක්‍රීයාවේ ගොදුරක් වී ඇති බව පෙනෙන බවත්  පවසන ඔවුන් සදහන් කර ඇත්තේ සමහර රෝහල් වල ප්‍රතිකාර ලබන දරුවන්ට අවශ්‍ය මූලික බොහොත් හා අතශ්‍යඅවශය ද්‍රව්‍ය වල හිගයක් තිඛෙන බව යුනිසෙෆ් සංවිධානය එම  ඒවා සම්පූර්ණ කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි.
https://www.unicef.org/srilanka/press-releases/unicef-statement-easter-sunday-attacks-sri-lanka