පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ආශිර්වාද ගන්වමින් සිදුකළ පළමුදේව මෙහෙය කටුවපිටිය දේවස්ථානයේදී

0
82

DSC_0615new2
අප්‍රියෙල් 21 වනදා කටුවපිට්ය  සෙබස්තියන් මුනිඳුන්ගේ  දේවස්ථානයේ  සිදුවූ  මරාගෙන මැබරෙන බෝම්බ ප්‍රහාරයෙන්   මියගිය  අයගේ  පවුල්වල  සහ  රෝගී  බවට  පත්වූ  අය  වෙනුවෙන්  අදදින  මෙම  දේවස්ථානයේ  ප්‍රථම  දිව්‍ය  පූජා   යාගය  පවත්වන  ලදී.  මේ  සඳහා  අගරදගුරු ගරු මැල්කම්  රංජිත්  හිමිපාණන් ඇතුළු  පියතුමන්ලා  විශාල  පිරිසක්   සහභාගීවිය. තම  මියගිය  ලබැඳීයන්  අතහැරගොස්  දින  කිහිපයක්  ගියද  දුක  වාවනු  නොහැකි  මව්වරු,  පියවරු,  සහෝදර  සහෝදරියන්  කඳුළු  වැගිරූ  මේ  අවස්ථාව  ඉතා  දුක්බර  දසුනක් විය.  මෙසේ  දුකින්  පීඩාවට  පත්  කටුවපිටිය  ජනතාවගේ තුවාල  තවමත්  සුව  අතට  හැරී  නැතිබව  ඔවුන්ගේ  මුහුණු  දෙස  නෙත්  යොමා  බැලූ විට  පැහැදිළි  වෙයි.  මෙම  ජනතාවගේ  බාහිර  තුවාල  වලට  වඩා  හිත  තුවාලවී  ඇති  හෙයින් අගරදගුරු තුමාගේ  පැමිණීම  සහ  මේ  ගැන    අදහස්  දැක්වීම    ඔවුන්ට  ඉමහත්  අස්වැසිල්ලක්  වන්නට  ඇත.DSC_0613 DSC_0614 DSC_0701-1

” මියගිය  අය  අපේ  නෑදෑයෝ, අපි  ඔබත් සමඟ  ඉන්නවා  ඒ නිසා  අද  ඔබ  තනි නෑ.  කටුවපිටිය  කියන්නෙ  අපේම  කොටසක්.  මේ  දෙව්මැදුරු  හදල  තියෙන්නෙ  ගඩොලින්,  ඒ සියල්ලටවඩා  අපිට  මේ  මියගිය  අය  වටිනවා.  මේ  විනාශය  වෙනවිට  මේ  මියගිය  හැම දෙනාම  දිව්‍ය සත්ප්‍රසාද  ලබල  අවසන්,  ඒනිසා  ඔවුන්  අද  ඉන්නෙ  ස්වර්ගයේ. ඒ  මියගිය අය   සිය  ගනනක්  ශාන්තුවරයො  බවට  පත්වෙලයි  ඉන්නෙ.  අද  ඔවුන්  අපට  මග  පෙන්වනව,  ” යනුවෙන්  පැවසූ  එතුමා  ජීවිත  සිය  ගනනක්  බිළිගත්  අය ගැනත්  පළකළේ  මෙවන්  අදහසකි.

ආගම  තියෙන්නෙ  ජීවිතය  සැපවත්  කරන්න,,  ජීවිතයට  අර්ථයක්  දෙන්න,   ඒනිසා  ලේ  හලන  අයට  අපි  මොර  ගසා  කියන්නෙ  දැන්  ඇති.   දෙවියන්  වහන්සේ  දුන්  ආදර්ශය  අනුව  අපි  කටයුතු  කළ යුතුයි.  මේ  අවස්ථාවෙ  නොමඟ  ‍ගිය  පිරිසට   අපි  වෛර  කරන්නෙ නෑ .  නමුත්  ඔබව  දෙවියන්ගේ  උසාවියට  යොමු  කරන්නට  අපට  සිදුවෙනවා. ඒ  අනුව  දෙවියන්  සමඟ  ගනන්   බේරගන්න  ඔබට  සිදුවෙනවා.

මෙම  දිව්‍ය පූජාව  අවසානයේදී  ව්‍යසනයට  පත්වූ  අයගේ  පවුල්වලට  මුදල් පරිත්‍යාගයක්  කිරීමක්ද   අගරදගුරුතුමා  අතින්  සිදුවිය.