පාස්කු ඉරුදින ප්‍රහාරයට මාස තුනයි!ප්‍රතිසංස්කරණවලින් පසුව කටුවාපිටිය දෙව්මැදුර ආසිරි ගැන්වේ!

0
265

IMG-20190721-WA0028මුස්ලිම් අන්තවාදින් කිපදෙනෙකු විසින් රටපුරා මුදාහැරි ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් මිගමුවේ ඇතුළු ස්ථාන කිපයකදි දෙව්ඳුන් යැදිමට පල්ලිවලට රැස්ව සිට සැහැදැවතුන්ට ජිවිත අහිමිව ගියේය.විනාශයට පත් දෙව්මැදුර හමුදාවේ කාර්යක්ෂම දායකත්වය යටතේ ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරුන අතර කටුවාපිටිය සා.සෙබස්තියන් මුනිඳුන්ගේ දෙව්මැදුර ආසිරි ගැන්විම මේ මොහොත වන විට සිදුවෙමින් තිබේ.

මිය ගිය අයවලුන්ගේ ජිවිත වලින් දේශපාලන ගේම් ගහන රටේ අතැම් දේශපාලකයන් හුදු ජනප්‍රියත්වය තකා කිතුණු ජනයාගේ ආකාර්ශණය දිනා ගැනිම සදහා විවිධ කතා කියමින් සිටි.මෙහි වඩාත්ම ජුගුප්සාජනක සිදුවිම වුයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් ගෙන එනවා යැයි කියු මරණීය දණ්ඩනය පාස්කු ඉරුදින ප්‍රහාරයේවගකිවයුතු අයටද දෙනාව යැයි සේනාධිනායක ජනපති සිරිසේන විසින් කියා සිටිමය.මියගිය අයට නිගාදෙන මෙවැනි දේශපාලන සංදර්ශන බොහෝය.දේශපාලකයන්ට වගක්වත් නැතිවුවද අද දිනයේත් දෙවිදු යදින්නට රෝදපුටුවලින් පැමිණ සිටි පිරිස බොහෝය

තෙමසක් පිරෙන මේ මොහොතේ අප වඩාත් කල්පනාකාරී විය යුත්තේ මේ සියල්ල තේරුම්ගෙන මේ කපටි දේශපාලන න්‍යාය පත්‍රයන් පරාජය කිරිම සදහාපෙලගැසිමය .