පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබු අයත් ලංසාගේ මැතිවරණ සටනේ..? (විඩියෝ )

0
95

මීගමුව තුල මෙන්ම පාර්ලිමේන්තුව තුලද නිමල් ලංසා පසුගිය කාලයේ  හොටුපෙරමින් හඬා වැටෙමින් කථා කලේ පාස්කු ප්‍රහාරය ගැනය.එහෙත් මේ වන විට හෙළිදරව් වෙමින් ඇත්තේ පාස්කු ප්‍රහාරයට අදාලව  සැක පිට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්ණ කළ මුස්ලිම් දේශපාලකයන්ද ලංසාගේ මැතිවරණ සටනේ මේ වන විට පෙරමුණ ගෙන ක්‍රියා කරන බවය.
වත්තල මාබෝල පළාත් පාලන අපෙක්ෂකයෙකු වු රිස්වාන් නැමැත්තාව පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට රදවා තබාගෙන ප්‍රශ්ණ කරනු  ලැබුවෙකි.⁣මේ දිනවල ඒ රිස්වාන්ගේ නම සහිත ටීෂර්ට් ඇදගත් පිරිසක්ද ලංසාගේ කොළ බෙදමින් මැතිවරණ මනාප සටනේ කටයුතු කරගෙන යති.
මේ අනුව පැහැදිලි වන්නේ නිමල් ලංසාගේ ඩබල් ගේම් දේශපාලනයේ දිගපළලය.
පාස්කු ප්‍රහාරය ගැන තැන තැන ගොස් කිඹුල් කඳුළු හෙලන නිමල් ලංසාගේ ඇත්ත දැන් රටටමත් ,මීගමුවටත් දැනගන්නට ලැබිඇත.
මේ පිළිබඳව මිපුර වෙබ් අඩවියට අදහස් දැක්වු ගරු පියතුමෙකු ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය ගැන වැඩියෙන්ම කථා කළ කෙනා යැයි ලංසා විසින්ම උදම් අනද්දි සැබැවින්ම ඔහුද ඩබල් ගේම් කාරයෙකු බව දැන් පැහැදිලි බවය.IMG-13031ffb1f42f1201ce3a38809097cd5-V