පාස්කු ප්‍රහාරයට බොදුබලසේනා සංවිධානය සම්බන්ද බවට ජාත්‍යන්තර ඔත්තු සේවයක් දන්වයි – බොදුබල සේනාවෙන් පොලීසියට පැමිණිල්ලක්

0
108

index

ජාත්‍යන්තර ඔත්තු සේවයක් විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයට පුපුරණ ද්‍රව්‍ය ලබාදීමට බොදු බලසේනා සංවිධානයේ සාමාජිකයන් දෙදෙනෙකු සම්බන්ද බවට ලබාදුන් තොරතුරක් සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා බොදු බලසේනා සංවිධානය විසින් පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ඔත්තු සේවය විසින් මෙම තොරතුරලබා දී ඇත්තේ ශ්‍රීලංකා රාජ්‍ය ආරක්ෂක අංශයට වන අතර එම තොරතුරු වලට අනුව බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා හා එම සංවිධානයේ මාධ්‍ය නිලධාරීවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය සැපයූ බව සදහන්ව ඇති බවද වාර්ථා වෙයි.

එම සංවිධානය විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අනුව රාජ්‍ය ආරක්ෂක අංශ විසින් “බොදුබල සේනා සංවිධානය” එවැන්නක් සිදුකර නොමැති බවට එම තොරතුරු නොලසකා හැර තිබුණත් පෙර සදහන් කල ජාත්‍යන්තර ඔත්තුසේවය මගින් එම තොරතුරු ජාත්‍යන්තරයේ ප්‍රචාරය කර ඇති බැවින් එහි සදහන් පුද්ගලයන්ට ජත්‍යන්තරව දැඩි අපහසුතාවයන් සිදුවන බව පෙන්වා දී ඇත. ඒ හේතුවෙන් හා එම චෝදනාවන් ඉතාමත් බරපතල වීම හේතුවෙන් එම ජාත්‍යන්තර ඔත්තු සේවය මගින් එම තොරතුරු බෙදා හැර ඇති ආකාරය පිළිබදව හා එය පාස්කු ප්‍රහාරය අතර ඇති සම්බන්දතාවය පිලිබදව දැඩි විමර්ශණයක් සිදුකරන ලෙස ඉල්ලමින් බොදු බල සේනා සංවිධානය විසින් මෙම ලිඛිත පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here