Friday, September 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home News පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 14 කට පසු සිය නිවසට ගිය තිළිණා….

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 14 කට පසු සිය නිවසට ගිය තිළිණා….

0
77
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා  ප්‍රතිකාර ලබමින් සිටි තිළිණා හර්ෂණී නැමති 36 හැවිරිදි තිදරු මව මාස 14කට, එනම් වසරකුත් මාස දෙකකට පසු මේ සති අන්තයේ සිය නිවසට පැමිණියාය.ප්‍රහාරයෙන් තුවාල ලබා වැඩිම කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගියා ඇය වූ අතර ඇය රෝහලින් පිටව ගියේ මෙම ප්‍රහාරයෙන් රෝහල්ගතව සිට නිවසට ගිය අවසන් රෝගියා ලෙසිනි.පාස්කු ඉරිදා දිනයේදී මීගමුව, කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇය රාගම ශික්‍ෂණ රෝහලේ, කොළඹ ජාතික රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහලකදී ද වශයෙන් ශල්‍යකර්ම කිහිපයකටම ලක්ව තිබේ.
lankadeepa.lk
Exit mobile version