පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් නැගෙනහිරද සිහිකිරිම් රැසක් …

0
63

බලයට කෑදරවු තිරිසනුන් පිරිසක් විසින් මිට වසර 2 කට ඉහතදි පාස්කු ඉරුදින අහිංසකයන් රැසක් දේවස්ථාන තුලදි ඝාතනය කරන ලදි .
කටුවපිටිය, කොළඹ කොච්චිකඩේ සහ මඩකලපුවේ දේවස්ථාන තුලදි මේ අහිංසකයන්ගේ ජිවිත උදුරාගත්තේ බලලෝභිත්වය වෙනුවෙන් යැයි දැනටමත් කාර්දිනල් හිමියන් පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.
නැගෙනහිර මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ මරාගෙන මැරෙන් බෝම්බයෙන් ඝාතනයට ලක්වු බහුතරයක් දෙනා දරුවන්ය.
බලය වෙනුවෙන් කළ මේ ඝාතනවල මහමොලකරුවන් තවමත් නිදැල්ලේ බව රටම දනි.
මෙසේ ඝාතනය කළ අය සිහිකරමින් අද දවසේ නැගෙනහිර ස්ථාන කිපයදිම සිහිකිරිම් සංවිධානය කොට තිබුණි.
ඡායාරූප- battinews.com