පාස්කු ප්‍රහාරය ගැන නන්දා මාලනිටත් සිංදු මතක්විම…

0
133

ආණ්ඩුවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ගේ සංකල්පයකට අනුව සුනිල් | රෝහණ ජාතිවාදී බාන නන්දාවත් කුදලාගෙන නින්දිත පාස්කු ප්‍රහාරයේ දෙවසරක ලේ මතින් අවදිව තිබේ. මෙවන් අවස්ථාවාදී කුහක කලාකරුවෝ අවශ්‍ය මොහොත පැමිණෙන තෙක් කල් බලා හිඳ සුචරිතවාදී සහ රැඩිකල් ප්‍රගතිශිලීන් මෙන් එක්වරම කඳුළු පෙරාගෙන පෙනී සිටී සිටින්නේ එක්කෝ කාගේ හරි උවමනාවක් ඉටු කරන්නය නැතහොත් තවදුරටත් ලාංකික සිංහලයා (මෙවර කතෝලිකයා) රවටන්නය.

අහිංසකයන් 279 දෙනෙකු බිලිගත් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, දශක කීපයක් තිස්සේ පැවති (උතුරු නැගෙනහිර දෙමළ මිනිසුන් තවමත් විවිධාකාරයෙන් නිමක් නොවන නිරායුධ රාජ්‍යය පීඩනයට ලක් වේ) සිවිල් යුද්ධයේ දී දකුණේ මෙන්ම උතුරේත් අහිංසකයින් බිලිගත් රුදුරු ප්‍රහාරයන් තරමට ම ම්ලේච්ඡය. පැහැදිලිවම පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් සැලසුම් කළ මෙම ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය (ඇත්නම්) ඉදිරියට පමුණුවා දඬුවම් කිරීමට අරගල කළ යුතු බවට තර්කයක් නොමැත. අරගලයකින් තොරව ජයග්‍රහණයක් මේ ප්‍ර‍වේනිදාස රාජා-ආණ්ඩු ක්‍රමයෙන් ලබාගත හැක්කක් නොවේ.

එහෙත් ප්‍රශ්නය වන්නේ 2008/10 කාලය තුළ වන්නියේ දස දහස් ගණනක් අහිංසකයන්ගේ හිස් මතට පොකුරු බෝම්බ හෙලන විට, ඉතා කුඩා ප්‍රදේශයකට කොටුකර නිරාහාරව තබා හතර වටින් ප්‍රහාර එල්ල කර ආසියවේ තිරිසන්ම යුද්ධය ලෙසින් එය සනිටුවහන් කරන විට එවන් රාජ්‍ය හමුදාවන්ට රාජපක්ෂවරුන්ගේ කරමත හිඳිමින් ආශිර්වාද අත්පොලසන් දුන් සුනිල්|රෝහණ|නන්දා වරුන්ට එම රාජාණ්‍ඩු බලපරාක්‍රමයෙන්ම සැලසුම් කළ / සිදු කළ පාස්කු ඉරිදා ප්‍රාහරයට එරෙහිව විරෝධාකල්ප ගී ගැයීමට ලජ්ජාවක් කියා දෙයක් ඇති ද යන්නයි. (සුනිල් නන්දා 88/89 කාලයේ දී මෙම රාජ්‍ය හමුදාවන්ට එරෙහිව මාරාන්තික ගී ප්‍රහාර එල්ල කළේ අපේ පරපුරේ ලේ වැකි කර මතින් බවද අමතක කළ යුතු නොවේ).

නින්දෙන් ඇහැරුණා මෙන් හැසිරෙන මේ තිදෙනා සිටින්නේ, එම ප්‍රහාරය සිදු කළ වසරේම නොවැම්බර් 16 වෙනිදා උදෑසනින්ම ඡන්දපොලට ගොස් එම ප්‍රහාරය සඳහා සැක කරන සහරාන් ඇතුළු සංවිධානයට මුදල් දී නඩත්තු කළ සහ එම ප්‍රහාරයේ අනුහසින් බලයට පත්වූ වත්මන් ජනාධිපතිවරයාගේ නම ඉදිරියේ කතිරය ගැසූ ගොඩේ බවට නම් කිසිදු සැකයක් නොමැත.

ලිව්වේ සුනිල්|රෝහණ|නන්දා වරුන්ගේ නෝනා… නාන්න නන් නාන්න නෝනා… ගීතය අසමිනි.

මහේෂ් මුණසිංහ