පාස්කු ප්‍රහාරය ”හිඟන්නාගේ තුවාලය” කරගත් ඇමති ලංසාගේ දෙබඩි පිළිවෙත දැන් කදිමට හෙළිවේ !

0
102

Screenshot_20201023_162155

පාස්කු ප්‍රහාරය පිළිබදව වැඩියෙන්ම කඳුළු සලමින් එය මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කරගත් ප්‍රධාන දේශපාකට යා වන්නේ රාජ්‍ය ඇමති නිමල් ලංසාය.
හිඟන්නාට ගොඩයැමට තුවාලයක් යම් සේද ඇමති නිමල් ලංසාටද පාස්කු ප්‍රහාරය එසේම විය.
පසුගිය මැතිවරණ සමය තුල ඔහු හොටු පෙරාගෙන මේ ජනදුක  මාධ්‍ය හමුවේ තොරම්බල් කලේය.
එපමණක් නොව ඊයේ දිනයේ පවා පාර්ලිමේන්තුවේදි ඔහු ගිරිය පුප්පාගෙන  විපක්ෂයට බැන වැදුනේ පාස්කු ප්‍රහාරයේදි විරෝධතා නොදැක්වු විපක්ෂය 20 ට එරෙහිව විරෝධය පවත්වන බව කියමිනි.
පාස්කු ප්‍රහාරය දැන් ඇමතිවරයාට මැක්කා හා සමාන කථාවකි.
පසුගිය කාලය තුල කිතුණු ජනයාගේ ඡන්ද බලාගෙන  මුස්ලිම් දේශපාලකයන්ට එරෙහිව අඩි හප්පා මාධ්‍ය හමුවේ කරනම් ගැසු අයුරුද අපට මතකය.
පාස්කු ප්‍රහාරය කාලය තුලදිම මෙන්ම විශේෂයෙන්ම මැතිවරණ සමය තුලදිද එසේම විය.
එහෙත් ඊයේ රටම දැනගත් ඇත්තම කථාව වුයේ නිමල් ලංසාගේ දේශපාලන හාම්පුතා වන බැසිල් රාජපක්ෂ වෙනුවෙන් මෙන්ම 20 සම්මත කරගැනිම වෙනුවෙන් බැසිල් රාජපක්ෂලාගේ මෙහෙයුම මුස්ලිම් මන්ත්‍රින් සමගින් කොයිතරම් නම් සමිප සබඳතාවයක් පවත්නාගෙන ගොස් තිබුනේ යන්නයි
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි  නිමල් ලංසා සිය සහෝදරයාව නගරාධිපති පුටුවේ සිය පි්‍යාණන් වෙනුවෙන් ඉන්දවිමට බැසිල් රාජපක්ෂලා හරහා රිෂාඩ්ගේ සහය ලබාගත්තේය.
ඒ අනුව රිෂාඩ් ගේ මිගමුවෙ ගෝල මන්ත්‍රිවරයා රිෂාඩ් එවකට සිටි යහපාලනයේ ප්‍රධාන පක්ෂය වු එජාපයට පවා මිගමුවේදි සහය නොදි සහය දි තිබුනේ නිමල් ලංසා වෙතය.
ඊයේ පාර්ලිමේන්තුවේදිද සිදුව තිබුනේ ද එහිම දිගුවකි.
පාස්කු ප්‍රහාරයෙන් පසුව විවිධ ආයුධ ලගතබාගෙන සිටියේ යැයි කියන චෝදනාවට මිගමුවේ නියෝජ්‍ය නගරාධිපති ෆරිස් පොලිස් අත්අඩංගුවට පත්වු අවස්ථාවේදි ඔහු බේරාගැනිම සදහා සම්පුර්ණ බරපැන දරා ඒ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුනේද නිමල් ලංසා විසින්මය.
මෙය කාර්දිනල් මැල්කම් හිමි පවා ඉතාමත් හොදින් දැනසිටි කරුණක් විය.
මේ අනුව රාජපක්ෂ පවුලේ මෙන්ම ඒ ආණ්ඩුවේද දේශපාලන මතවාදය තුල බලයට ඒම සදහා දැවැන්ත මුස්ලිම් විරෝධයක් සමාජ ගතකළද ඒ බලයම තවත් වැඩිකරගැනිම සදහා ඔවුන්ම එරෙහිවු මුස්ලිම් දේශපාලනයේ සහය පැතු ආකාරය ඊයේ දිනයේ කදිමට ඔප්පු විය.
රාජපක්ෂවරුන්ගේ මෙන්ම ඔවුන් සරණ යන  ලංසා පවුලේද දේශපාලනය යනු එයයි