පාසැල් ළමුන් ප්‍රවාහකයින්ගෙන් කිරිකෝපි

0
322

 

DSC_0927 DSC_0925 DSC_0924 DSC_0922 මීගමුව බස්නැවතුම්පල ඉදිරිපිට (අද 26) බිස්කට් සමග කිරිකෝපි දන්සැලක් මීගමුව පාසැල් ළමුන් ප්‍රවාහකයින්ගේ සංගමය විසින් පවත්වන ලදී. මෙය 5වන වරට පවත්වන දන්සැල බවත්, මීටපෙර 4වන වර දන්සැල වෙනුවට මතුගම බුලත්සිංහල රෙමුණ විදුහලේ විනාශවී ගිය පුස්තකාලය නැවත ගොඩනැගීම උදෙසා මුදලින් සහ ශ්‍රම දායකත්වයෙන් කටයුතු කළ බවත් මෙම සංගමයේ ලේකම් ප්‍රේමලාල් කිත්සිරි මහතා පැවසීය. මේ අනුව 1998 වසරේදී මෙම සංගමය ආරම්භ කර ඇත. මේ අනුව වත්මන් සාමාජික සංඛ්‍යාව 700ක් පමණ වේ. සමස්ථලංකා දිස්ත්‍රික් සංගමයට අනුබද්ධව පිහිටුවා ඇති මෙම ප්‍රවාහන සංගමය ලංකාවේ වැඩිම සාමාජික සංඛ්‍යාවක් නියෝජනය කරන සංගමය බවට පත්වී ඇත.

මෙහි සාමාජිකත්වය සමන්විත වන්නේ රජයේ සෙවකයින්, හමුදා සේවයේ නියැළුනු අය, ගුරුවරු, කලමණාකරුවන් වැනි විශ්‍රාමික අයගෙනි. ඔවුන් මාස 3කට වරක් පොලීසිය සමගද සම්බන්ධවී දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන බවත් , සාමාජිකත්වය උදෙසා විවිධ සුභසාධන කටයුතු ක්‍රියාත්මක කරන බවත් ප්‍රේමලාල් මහතා තවදුරටත් පැවසීය.එසේම දරුවන්ට යහපත් ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණයි. පාසැල් දරුවන් පිළිබදව අද පවතින විවිධ ගැටළුකාරී තත්වය නිසා මෙවැනි විනයක් සහිත ප්‍රවාහන සේවාවක් මීගමු කලාපය තුළ පවත්වාගෙන යාම අගයකළ යුතුය.

අදදින පැවති මෙම කිරිකෝපි දන්සැල තුළින්ද ඔවුන් විනයක් ඇතිව කටයුතු කරන පිරිසක් බව පැහැදිළි විය. මේ සදහා අදදින සාමාජිකයින් විශාල පිරිසක් කැපවීමෙන් කටයුතු කරනු පෙනින. විශාල පිරිසක් බිස්කට් කමින් කිරිකෝපි බොමින් ඉතා සතුටින් මෙයට සහභාගී වන ආකාරය දැකියහැකිවිය. ඉදිරියටත් මෙවැනි දෑ කිරීම සදහා අප ඔවුන් ට සුභපතමු.