”පාළු ගෙයි වලන් බිදින්න එපා” .මහඇමතිට රොයිස්ගෙන් අභියෝගයක් ?

0
80

roies action picමේ මස 17 වනදා උදෑසන රන් එෆ්.එම් හි වැඩසටහනකට සහභාගිව සිටි බස්නාහි පළාත් සභා මහඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඔහුගේ අදහස් දැක්විමේදි එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සබා මන්ත්‍රි රොයිස් විජිතගේ නම සදහන් නොකරමින් වුව ඔහුට නිගරුවක් කර තිබුණි.
ඒ මහජනනියෝජිතයන්ගේ රියදුරන් කුඩු සමගින් හසුවන බව පවසමිනි.
මේ ප්‍රකාශය සම්බන්ධයේ අප රොයිස් විජිත මන්ත්‍රිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ මාධ්‍ය විසින් තමන් වෙත එල්ල කරන්නට යෙදුන මේ චෝදනාව ගැන පුවත් පත් සාකච්ජාවක් පවත්වමින් පැහැදිලි කිරිමක් කර ඇති බවද අදාල පුවත්පත් ආයතන පවා එය නිවරදි කොට පළකර ඇතැයිද කියා සිටියේය. එමෙන්ම එකි පුවත් පත් සාකච්ජාවේදි ඒ මඩ පුවත පළකරන ලද මාධ්‍යවේදින්ට අභියෝගකරමින් කියා සිටියේ කුඩු සමගින් අත්අඩංගුවට පත් කෙනා තමන්ගේ රියදුරු යැයි වගකිමකින් ඔප්පු කරන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවය.
එබැවින් මහඇමති තුමාට කියන්නට ඇත්තේ පාළු ගෙයි වලන් බිදින්නේ නැතිව අවැසි නම් මේ කරුණ ගැන විවාදයකට එන ලෙස යැයි අවසන් වශයෙන් අවධාරණය කර සිටියේය.