(10.15 pm ) කටුනායක යනු ජාත්‍යන්තර ගුවන්තොටුපල පිහිටි නගරයයි.එපමණක් ලංකාවේ පළමු නිදහස් වෙළද කලාපයද ස්ථාපිතව ඇත්තේ කටුනායකමය.තතු එසේ වුවද මේ අවට පරිසරය කානු පද්ධති නඩත්තු කිරිමේ අපුරුව දැන් යසටම රටට පමණක් නොව ලෝකයාටම කියා පායි.පැයක වැස්සකට නිදහස් වෙළද කලාපය පිහිටි ඇවරිවත්ත ප්‍රදේශයේ මුළුමනින්ම යටවිය.ලංකාවේ වැඩිම ආදායම් ලැබිය හැකි නගර සභාවක් වු කටුනායක සිදුව නගර සභාවට මේ කලාපය අයත්ය.
(ඡායා – චන්ද්‍ර දේවනාරයනගේ මුහුණු පොතෙනි )