පැරිෂුට්කාරයෝ අපට එපා !අවොත් ගහලම එලවනවා ! එජාප කාන්තාවෝ කාවින්දට ප්‍රසිද්ධියේ කියති !

0
197

Screenshot from 2019-02-24 00-34-52කාවින්ද ජයවර්ධනට දැන් දේශපාලනය කරන්නට සිදුව ඇත්තේ පොහොට්ටුකාරයන්ගේ සුපිරි හෝටලවල පැවැත්වෙන සාදවලත්, ෆේස් බුක් පොටෝ දේශපාලනයත් පමණි.
මන්ද ගමට ගොස් එජාප පාක්ෂිකයා හමුවිමට දැන් ඔහුට නොහැක.
පසුගියදා පැවැති එජාප කාන්තා බලමණ්ඩල රැස්විමට එක්ව සිටි කාන්තා ක්‍රියාකාරිණියන් එකහඩින් කියා සිටියේ ජාඇල පැරිෂුට්කාරයන් අපට එපා කියාය.
එපමණක් නොව කාවින්ද ගමට පැමිණියහොත් ගහලම එලවනවා යැයි මේ කාන්තා නියෝජිතවරියන් විසින් ප්‍රසිද්ධ අභියෝගයක් මිගමුවේ නව සංවිධායක කාවින්ද හට දැන් එල්ල කර හමාරය.
පසුගිය දිනක දෙහිමල්වත්ත ගමට ගිය කාවින් ජයවර්ධනට මුහුණ දිමට සිදුවුයේ එවන්  ඇබැද්දියකටය.
එනම් ඒ ගමේ එජාප ක්‍රියාකාරින් එක්ව කාවින්දත් ඔහු සමගින් පැමිණ සිටි පිරිසටත් බැන තර්ජනය කොට පලවා හැර තිබිමයි.