පැරිෂුට් කාවින්දට මිගමු නාගරික මන්ත්‍රිලා අතිබහුතරයකගේ විරෝධය !

0
168

stock-vector-polygonal-style-clenched-fist-on-a-light-background-187362299පැරිෂුට් කාවින්ද ජයවර්ධන අද දිනයේ මිගමුවේ ආසන සංවිධායක කම ලබගැනිමට නියමිත බව සැලය. එහෙත් ඔහුගේ මෙම පැරිෂුට් ආගමනයට එරෙහිව මිගමුව මහනගර සභාවේ අතිබහුතරයක් නාගරික මන්ත්‍රී ලා ප්‍රබල විරෝධයක් දැනටමත් මතු කර  තිබේ.(අයවැයට ඡන්දය දිමට නම් මිගමුවේ සංවිධායකකම දිය යුතුයැයි කාවින්ද ජයවර්ධන විසින් ඉල්ලා තිබුණ දේශපාලන කප්පමට එජාප නායකයෝ යටවිම හේතුවෙන් මිගමුවේ ආසන සංවිධායක කම කාවින්දට ලබාදි ඇති බව දැනගන්නට තිබේ.)
මෙම විරෝධය සටහන් කරමින් නාගරික මන්ත්‍රීවරුන්ගේ අත්සන් 15 ක්ද සමගින් ඊයේ පෙරවරුවේ නාගරික මන්තිලා එජාප මහලේකම් අකිල විරාජ්කාරියවසම් හමුවිමට ගොස් තිබුණි.
එහිදි ඔවුන් අවධාරණය කර තිබුනේ කිසිදු පැරිෂුට් ආසන සංවිධායෙකුට තමන් අකැමැති බවය.
මේ අනුව දැවැන්ත විරෝධයක් අද සිටම පැරිෂුට් කාවින්දට එල්ලවිමට නියමිතය.
මිගමුවේ නාගරික මන්තිවරුන් 19 දෙනාගෙන් කාවින්දගේ පැත්තට ඇත්තේ මන්තිවරුන් 4 දෙනෙකු පමණි.(මේ අයගේ පැටිකිරිය ගැනද මිගමුව දනී)
මේ යථාර්ථය හමුවේ අද සිටම පැරිෂුට් මන්ත්‍රීවරයා  පච විමට නියමිතව තිබේ.