පැල්ලම් ගැසුණු කෙසෙල් වඩාත් ගුණදායකයිලු..

0
52

 

banana

 

banana1

කෙසෙල් අපි කන්න වඩාත් කැමති සාමාන්‍ය මට්ටමට ඉදුනහමයි.එය තව ටිකක් ඉදිල කල් ගියහම පොත්තේ පුල්ලි හැදිලා එම පුල්ලි දුඹුරු පැහැයක් ගන්නවා.එහෙම වුනහම වැඩි දෙනෙක් කරන්නේ කෙසෙල් ගෙඩිය ප්‍රතික්ෂේප කරන එක.නමුත් කෙසෙල් ගෙඩියක් සම්පූර්ණයෙන් ඉදෙනකොට එහි වඩාත් බලවත් රසායනයක් නිපදවෙනවා.ඒක හදුන්වන්නේ TNF (Tumor Necrosis Factor) මේ විදියට ඉදුණු කෙසෙල් ගෙඩිය තුල ඇති මෙම TNF වට පිළිකා නාශනය කිරීමේ විශාල හැකියාවක් පවතිනවා.

මේ පිලිබදව මුලින්ම පරීක්ෂණ කලේ ජපන් විද්‍යාඥයන් විසින්.පසුකාලීනව තවත් අය ඒ සදහා එකතු වුණා.මේ පිරිස විසින් කෙසෙල් ගෙඩියක් අතිශයින් ඉදුණු පසු ලැබෙන පිළිකානාශක ගුණය ගැන අවිවාදයෙන් පිලිගන්නවා. මෙහි තිබෙන පිළිකානාශක ගුණය කෙසෙල් ගෙඩිය ඉදෙන ප්‍රමාණයට සමානුපාතිකයි.වැඩියෙන් ඉදෙන තරමට වැඩියෙන් පිලිකාකාරක සෛල මර්ධනය කිරීමේ හැකියාව පවතිනවා.

ඕනෑම පළතුරක් ඉදෙන විට එහි පෝෂණ ගුණය වෙනස් වෙනවා.කෙසෙල් ගෙඩියක් ඉදෙන විට එහි තිබෙන එන්සයිම මගින් පිෂ්ටය සරල සීනි බවට පත් කරනවා.මේ අවස්ථාවේදී කෙසෙල් ගෙඩියේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණයේ උපරිම අගය වාර්ථා වෙනවා. ඒ අතින් බලව විටත් ඔබ වැඩියෙන් ආහාරයට ගත යුත්තේ වැඩියෙන් ඉදුණු කෙසෙල් ගෙඩියයි.

මීට ඉහතදී ජපාන විද්‍යාඥයින් පිරිසක් විසින් ඉදුණු පළතුරු කිහිපයක පෝෂණ ගුණය සම්බන්දයෙන් පරීක්ෂණය නිරත වුණා.කෙසෙල්,මිදි,ඇපල්,කොමඩු,අන්නාසි,පෙයාර්ස් ආදී වශයෙන් ඉදුණු පසු හොදම ශරීරක්ෂඛ ගුණ සහිත පලතුර බවට පත් වුනෙත් කෙසෙලමයි.  කෙසෙල් අනුභවයෙන් අනෙකුත් සියළුම පළතුරු අභිබවා ශ්වේතාණු මට්ටම වැඩි කරනවා. ශරීරයේ ප්‍රතිශක්තීකරණ හැකියාව වැඩි කරනවා. ඒ වගේම  TNF රසායනය සුලබව වෑස්සෙන නිසා පිළිකා වලිනුත් ආරක්ෂාව සැලසෙනවා. අමු කෙසෙල් ගෙඩියකට සාපේක්ෂව දුඹුරු පුල්ලි පෙනෙන තරමට ඉදුණු කෙසෙල් ගෙඩියක TNF රසායනය 8 ගුණයක් වැඩි බව පරීක්ෂණ මගින් හෙලිවී තිබෙනවා.

TNF යනු ප්‍රතිශක්තීකරණ පද්ධතියට අයත් ඇතැම් සෛල ආශ්‍රය කරගෙන නිපදවෙන සයිටොකේනයක්. මෙහි ඇති විශේෂත්වය වන්නේ අනෙක් සෛල වලට වඩා හිතකර බලපෑම් කිීරීමට ඇති  හැකියාවයි. නිදසුනක් ලෙස සිරුරට අහිතකර සෛල නිශ්පාදනයට ඇති හැකියාව  TNF රසායනය නිසා වැළකෙනවා.

කෙසෙල් ගෙඩියේ මෙම ආරක්ෂණ වැඩපිලිවෙල තවදුරටත් පැහැදිලි රන විද්‍යාඥයන් පවසන්නේ ඉදුණු කෙසෙල් ගෙඩියේ ක්‍රියාකාරීත්වය පිළිකා රෝගිීන්ට ශිරාගතව ලබාදෙන ප්‍රතිශක්තීකරණ උත්තේජකයක් වන ඖෂධයක් වන ලෙනිටිනන් වලට සමාන බවයි. අවසාන වශයෙන්  “දවසකට හොදින් ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක් කන්න.එය ඔබේ ආරක්ෂාවට මහත් සේ උපකාරී වෙනවා.” පරීක්ෂකයන්ගේ හා වෛද්‍යවරුන්ගේ නිර්දේශය එයයි.

 

වෛද්‍යවරයා සගරාව ඇසුරිණි.