පැසැල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණු පුද්ගලයෙකු වෙන්නප්පුව පොලිසියට කොටුවෙයි.

0
67
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.

කාලයක සිට වඩ විකුණන මුවාවෙන් නීතිවිරෝධි බාබුල් වලට සමාන මත්ද්‍රව්‍යක් බාල වයස්කාර පාසැල් සිසුන්ට අලෙවි කරමින් සිටින බවට ලැබුණ තොරතුරක් මත ඉකුත් 28 වෙනිදා දහවල් වයික්කාල ප්‍රදේශයේදි එම මත්ද්‍රව්‍ය සමග අයෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි මොහු සන්තකයෙ තිබි ඉන්දියාවේ සිට හොර රහසේ ගෙන්වන ලද බාබුල් නැමති මත්ද්‍රව්‍ය ට සමාන ග්‍රැම් 320 ක ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය කිය මෙය බුලත්විටක් ලෙස සකසා හොර රහසේ පාසැල් දරුවන්ට අලෙවි කරන බවට ලැබුණ තොරතුරක් මත ඉහත පුද්ගලයාගේ ජංගම අලෙවි සැල පරික්ෂා කිරිමේදි එම මත්ද්‍රව්‍යක් සොයාගත් බව පොලිසිය කියයි වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් ලියනගේ සැරයන් 54320 සරත්චන්ද්‍ර 23704 සරත් කොස්තාපල් 64618 රූපවංශ 60568 සනීර 84519 සුදර්ශන යන නිළධාරින් මෙම වැටලීම සිදු කර ඇත මෙම පුද්ගලයාට මෙම මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය සොයා පොලිස් දුෂණ මර්දන අංශය වැඩි දුර පරික්ෂණ සිදු කරයි
චන්දන ප්‍රනාන්දු