පෑලියගොඩ මත්‍යස්‍ය වෙළද සංකීර්ණය කේන්ද්‍රකොට ගනිමින් කොරෝනා ආසාදිතයන් 1545 ක් !

0
100

1603348521-Fish_Lපෑලියගොඩ  මත්‍යස්‍ය සංකිර්ණය කේන්ද්‍රකොට ගෙන  මේ දක්වා නව කොරෝනා වෛරස ආසාදිතයින් 1545 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 799 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින් වන අතර සෙසු ආසාදිතයින් 746 දෙනා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් බව එම මධ්‍යස්ථානය පෙන්වා දි තිබේ

ඊට අමතරව බේරුවල, ගාල්ල, දෙවිනුවර, හම්බන්තොට සහ වාලච්චේන යන ධීවර වරායන්වලින් මේ දක්වා ආසාදිතයින් 44 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇති අතර බේරුවල ධීවර වරායෙන් ආසාදිතයින් 20 දෙනෙකු, වාලච්චේන ධීවර වරායෙන් 14 දෙනෙකු, ගාල්ල ධීවර වරායෙන් 5 දෙනෙකු, දෙවිනුවර ධීවර වරායෙන් 3 දෙනෙකු සහ හම්බන්තොට ධීවර වරායෙන් දෙදෙනෙකු ලෙස එම ආසාදිතයින් වාර්තා වී ඇති බව සඳහන් වේ.
ආසාදිතයින්ගෙන් 210 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ නව ආසාදිතයින් 351 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 312 දෙනෙකු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රයෙන් හඳුනාගෙන තිබුණි.

ඉන් 159 දෙනෙකු කොළඹ නගරයෙන් වාර්තා වී ඇති අතර 32 දෙනෙකු වාර්තා වී ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයෙනි.

බොරැල්ලෙන් 7ක්, කිරුළපන 3ක් මෝදර 3ක්, නාරාහේන්පිට 2ක්, ග්‍රෑන්ඩ්පාස් 2ක්, වැල්ලවත්ත 1ක් සහ දෙමටගොඩ 1ක්  බැගින් ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ.පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රයෙන් හඳුනාගත් සෙසු ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයේ – ගම්පහ, මහර, මිනුවන්ගොඩ, වත්තල, දොම්පේ, අත්තනගල්ල, ජාඇල, සීදූව සහ බියගම යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව සඳහන් වේ

මේ අතර මිගමුවෙන්ද මේ දක්වා ආසාදිතයන් 6 දෙනෙකු පෑලියගොඩ  මත්‍යස්‍ය වෙළද සංකිර්ණය පදනම් කොට ගෙන හදුනා ගෙන තිබේ

(මුලාශ්‍රය – දෙරණ )