පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු හෙට ඇරඹේ …

0
253

fish marketපෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණය මෙහෙයුම් කටයුතු සදහා හෙට (16) සිට නැවත විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංහ විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට යටත්ව සීමිත තොග වෙළද කටයුතු සදහා මෙලෙස මත්ස්‍ය වෙළෙ සංකීර්ණය නැවත විවෘත කෙරෙනු ඇත.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුනු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණය සෞඛය අමාත්‍යංශය වෙතින් ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව පූර්ණ නවීකරණයන් සිදුකර තොග හා සිල්ලර මෙහෙයුම් කටයුතු සදහා විවෘතකරන තෙක් ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම පරිදි තොග වෙළදාම සදහා පමණක් නැවත විවෘත කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇත.


මේ අතර පිටපළාත් වල මත්‍යස්‍ය අස්වැන්න පෑලියගොඩ මීගමුව ඇතුලු ප්‍රධාන මත්‍යස්‍ය අලෙවි මධ්‍යස්ථාන වෙත පසුගිය කාලය තුල රැගෙන යාමට නොහැකිවිම නිසා ගැටළු රැසකට මුහුණ දි තිබුණි.

මේ නිසාම මෙම  මත්‍යස්‍ය අස්වැන්න බටහිර මෙන්ම  වයඹ වෙරළ තිරයේ ඇතැම් ස්ථානවලදි  විකිණිමට කටයුතු කිරිම හේතුකොට ඒ ඒ ප්‍රදේශවල ධිවරයන්ගේ මත්‍යස්‍ය අස්වැන්න අලෙවි කරගැනිමට  ගැටළු පැන නැගි ඇති බවද වාර්තා විය