පිටගම්කාරයන්ට එන්නත දුන්නේ ගාල්ලේ ලොක්කො විතරද ?

0
85

නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංහාරච්චි යන මහත්වරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් මාරු කර යවනු ලැබ ඇත.  

ජීවරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් සිංහාරච්චි මහතා දකුණු පළාතේ වෙනත් අංශයකටත් මෙසේ මාරු කර යවනු ලැබූ බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බව කී ජයසුමන මහතා දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්ද ඉදිරියේදී පවත්වන බව සඳහන් කළේය.

නිරෝධාන නීති කඩකරමින් ගාල්ල ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් හොර රහසේ ලබා දෙන ලදැයි කියන මෙම සිද්ධිය වී ඇත්තේ මීට දින කිහිපයකට පෙරදීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව සිද්ධිය ගැන විමර්ශන පැවැත්වීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් ගාල්ල ප්‍රදේශයට පිටත්කර යවනු ලැබූහ . එම කණ්ඩායම ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටිමින් ඊයේ වන තුරුද පරීක්ෂණ සිදු කළේය.

මේ අතර නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කළේය.  

මේ අතර මිගමුවේ සිදුකරන්නට යෙදුන පිටගම්කාරයන්ට එන්නත ලබාදිම එන්නත්කරණය ආරම්භයේ සිටිම සිදුව තිබුන අතර මේ පිරිස් අතර වෙනත් පළාත්වල ව්‍යාපාරිකයන් මෙන්ම නළු නිළියන්ද වු බව මිගමුව මහනගර සභාව තුල ප්‍රසිද්ධ රහසකි.
එපමණක් නොව විදේශිකයන් පවා පැමිණ මිගමුව මහනගර සභාව තුලදි එන්නත ලබාගත් බවද වාර්තා වේ.