පිටරටවලින් ගෙන්වන පළතුරු බීම වර්ග ගන්නව නම් පරිස්සමෙන් ?

0
157

ඇප්ල් බිමට 2මීගමුව රෝහල අවට  කියන්නේ රට ලොකේ හැම දෙයක්ම විකුණන්න තියෙන තැනක් වෙලා.
මේවා අතරට දැන් එකතුවෙලි තියෙන අළුත්ම ව්‍යාපාරික වර්ධනය තමයි විදේශිය රටවලින් ගෙන්වනු ලබන විවිධ නම් වලින් යුත් පළතුරු බිම තිබිමයි.
පසුගිය දිනක හදසි වැටලිම් වල යෙදුන මහජන සෞඛ්‍ය පරික්ෂක තුමන්ලාට මේ වගේ විදේශ රටකින් ගෙන්වන පළතුරු බිම තොගයක් හම්බ වුණා.
මේ සේරම විකුණන්න එපා කියල නියෝග දෙන්නත් එයාලට සිද්ධ වුණා.
හේතුව තමයි ලංකාවේ අලෙවි වන ඕනෑම දෙයක මෙරටේ භාවිතා වන අවම වශයෙන් භාෂා දෙකකින් වත් එම් භාණ්ඩය පිළිබදව විස්තරයක් තියෙන්න ඕනේ.
ඒත් ආරාබිය ප්‍රමුඛ මැදපෙරදිග රටවල් වලින් එන මෙවැනි නිෂ්පාදනයන් හි තියෙන්නේ මැදපෙරදිග භාෂාවන්.
ඒ හින්ද  මේ නිෂ්පාදන වල අන්තර්ගතය ගැන කිසිම අදහසක් ගන්න විදියක් නෑ.
එහෙම කොළ ඇපල් බිම තොගයක් අලෙවියෙන් ඉවත් කර තබන ලෙස නියෝග දෙන්නටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට සිද්ධ වුණා.