පිටිපන අසරණ පවුලක් මහමගට ඇද දැමු චුදිතයෝ ??????

0
176

8මීගමුව පිටිපන ප්‍රදේශයේ අසරණ පවුලක් මහමගට ඇදදැමීමේ සිදුවීම දැන් කවුරුත් දන්නා පුවතක් බවටපත්වී අවසානය.ගැහැනු දරුවන් දෙදෙනකු හා මව පියා හා ආච්චි සීයා සමඟ මෙම පවුල මෙම නිවසේ ජීවත් විය.වසර ගන්නාවක එනම් දශක 5ක වඩාඅ අදික කාලයක් තිස්සේ මෙම නිවෙසෙහි අයිතිකරු වන ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු මහතා ජිවත්වේ.එකල ගම්සභා ක්‍රමය යටතේ පිටපන පල්ලියට අයිති ඉඩමක් ලෙස ඔවුන් වරිපනම් ගෙවමින් ජිවත් විය.පසුව නගර සභා ක්‍රමය යටතේද පල්ලියට අයිති ඉඩමක් ලෙස 2011 වර්ෂයේද වරිපනම් මොවුන් ගෙවා ඇත.මෙසේ තිබියදි 2008 වර්ෂයේදි මෙම ඉඩම සම්බන්ධව පිටිපන පදිංචි  නැතලි නැමැති කාන්තාවක් මෙම නිවසේ පදිංචි ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු මහතා වෙත මීගමු දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරයි.ඒයට හේතුව වන්නේ මෙම කාරණය සම්බන්ධ ඉඩම තමනට  අයිති වීමට තිබේන් ඉඩමක් බවයි.මෙම නඩුව විභාගයෙන් පසු තීන්දුව විත්තිකරු  ප්‍රැන්සිස් ප්‍රන්නදු මහතාගේ වාසියට විසදෙයි.එනම් මේ ඉඩමේ කිසිදු අයිතියක් ඔප්පු කිරීමට නැතලිට හැකියාව නොලැබෙන නිසාය.පසුව මෙම නඩුව  ශ්‍රෂ්ඨාධිකරණය දක්වා දිවෙයි.එහිදීද නඩුව ජය ගැනීමට ප්‍රැන්සිස් මහතාට අවස්ථාව ලැබේ.

    නීතියෙන් මේ හැමදේම ඔප්පු වී අවසානය.නමුත් මෙම ඉඩමේහි ප්‍රැන්සිස් ප්‍රනාන්දු මහතගේ බෑණා විසින්  ඉදිරිපිට කඩයක් කරගෙන යයි.මෙම කඩය අනවසර ඉදිකිරීමක් බවට පත්වන්නේ එම කඩය ප්‍රධාන මාර්ගයට ආසන්නව තිබෙන නිසාය.
    2008 මාර්තු 07 දින ලියනගේ නැතලි විසින් ඉදිරිපත් කල ලිපියකට අනුව එවකට නගරාධිපතිව සිටි  ඇනටනි නිමල් ලාන්සා මෙය අනවසර ඉදිකිරීමක් බව මෙයට නීති මගින් කටයුතු කරන්න කියා ලිපියක් නගර සභා ඉන්ජිනේරුවරයාට ලබාදෙයි.මෙයට හිටපු නියෝජ්‍ය් ඇමති සරත් ගුණරත්නගේද කැමැත්ත ප්‍රකාශ වී ඇත.මෙයින් පෙනී යන්නේ මොවුන් දෙදෙනගෙම ලේ මෙහි  ගැවී ඇති බවයි.
       පසුව හර්මන් කුරේ නගරාධිපති සමයේද මෙම ඉඩම් සම්බන්ධයේන් ක්‍රියා මාර්ගයක් ගැනීමට නගර සභාවේ විශේෂ  කොමසාරිස් වරයෙකු ලෙස පත්ව සිටි ශාන්ත කේ.මුහන්දිරම් හට පවරයි මොවුන් දෙදානාද මේ පාපයට හවුල්කරුවෝ වෙති.
මීගමුව නගර ඉතිහාසයටම මීගමුවට පැමිණි මංකොල්කාරයෙකු බදුවු මේ ශාන්ත කේ මුහන්දිරිම් නැමැත්තා මෙ අසරණ පවුල මහමහට ඇද දැමිමේ පාපයේ පළමු වැරදිකරුවා ලෙසින් දැන් ඉතිහාසයට එක්ව අවසන්ය.
          මෙසේ තිබියදී මෙහි පිටිපන දේවස්ථානයේ පියතුමා හරහා මෙම ඉඩම දේවස්ථානයට අයිති නොවන බවට ලිපි සකස් කල පියතුමෙකුද වේ.ඔහුද මේ අවසනාවත්ත සිද්ධියට වගකිය යුතුව තිබේ.
  තවද අවසානයේ මේ සියලුම පව් කරගහන්න වෙන චූදිතයෙක් ඇත.ඔහු වත්මන් නගරාධිපතිවරයා වේ.එනම් ඔහුගේ සමයේදි නැතලි විසින් මෙම ඉඩමට අදාල බදු ඔප්පු අයතා ලෙස  වෙනස් කර ඇයගේ නම දමා තිබිණි . පසුව මේ සම්බන්ධයෙන් උසාවියේ නඩු කීමට දෙපාර්ශවයටම සිදු විය.පසුව උසාවි නියෝග මත පසුගිය ජනවාරි 20 දින මේම නිවස සමතලා කර දමන ලදි.
     සීතල කාමර වල ඉදගෙන ගසන අත්සන් කොපමණ ප්‍රබලද කියා ඔවුන් නොදන්නවා විය හැකිය මන්දයත් බලයට ආ විට තමා ජිවත් වූ පරිසරය අමතකව යන බැවිනි.පාලන අධිකාරියේ සියලුම දෙනා මෙයට වගකිව යුත්තෝ වෙති.පල්ලියේ ස්වාමිගේ සිට මීගමුව නගරාධිපති වරයා දක්වා වගකිව යුත්තෝ වේ.ඒ වගේම මෙම පවට නගරාධිපතිවරු 3 දෙනෙක් වගකිව යුත්තෝ වේ.අවසානයේ කුරුසිය කරගහන්න වුනේ ඇනටනි ජයවීරටය.මෙයින් පෙනී යන එක කරුණක්වේ. බලයට ඒමට ඡන්දයක් වෙනුවෙන් කරන කැප කිරීම ගැනය. නැතලි කොපමණ බලවත්ද නගරාධිපතිවරු 3ක් තම අල්ලේ නටවන්න ඇයට හැකිවිය. ඒ අතර උසාවිය පවා මුලා කිරීමට තරම් ඇය ප්‍රබලය. අවසානයේ කෙසේ හෝ පාසල් යන ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග මුලු පවුලම බිමට සමතලා විය.ඔවුන්ට නැවතත් තම ජීවීතයට අත්තිවාරමක් දැමීමට සිදුවනු ඇත.