පිටිපන කරවල නඩුව වෙනත් මඟකට ! මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට චෝදනා !

0
76

lagoon 4පිටිපන  කරවල  වාඩි නිසා  සිදුවන  පාරිසරික  ප්‍රශ්ණය  මත  නගරසභා  ආඥ පනත  යටතේ   මහජන  සෞඛ්‍ය  පරීක්ෂක වරු  විසින්   පනවන  ලද  නඩුව    මේ වනවිට   කරවල  මුදලාලිලාගේ   අවශ්‍යතාවයට  අනුව    කරුණු  පෙළගැසෙමින්  පවතින  නිසා    ගම්වාසීන්   විසින්    මේ  සම්බන්ධව  වෙනත්  පියවරක්  තබන  ලදී.
පසුගිය  ජූලි  4 වනදා   පැවති  නඩු  වාරයේදී    පරිසරයට  හානියක්  නොවන  ආකාරයට  තමන්  ක්‍රියාත්මක  වන  බව  ඔවුන්ගේ  නීතීඥයින්  මගින්  කරුණු  දක්වා  සිටි  අතර  මහජන  සෞඛ්‍ය  පරීක්ෂකවරු    ප්‍රකාශ කළේද  සියළු  ගැටළු  මේවනවිට  විසඳා  ඇතිබවත්,  ඇත්තේ  දුඟඳ  පමණක්  බවත්ය.

මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගෙන් ඉටුනොවන සාධාරණය නිසා පොලිසිය මැදිහත්වෙයි

මෙය  අමූලික  බොරුවක්  බව  පවසන  ගම්වාසීන්    මේ ගැන  දුන්ගාල්පිටිය    පොලීසියට  නැවත   දැනුම්දෙන  ලදී.    ඒ අනුව  පොලීසිය  විසින්   කරන ලද  විමසා  බැලීමේදී  මින්  පරිසරයට  විශාල  හානියක්  වන  බව  පැහැදිළවී  ඇත.  ඒ නිසා  මෙවර  නඩුව  පොලීසිය  විසින්  පවරන  ලදී.

අද පැවති  මෙම  නඩුවේ   පළමු  වාරය  වූ  අතර  නීතීඥ   ඉන්දික  සිල්වා  මහතා  ඇතුළු  තවත්  නීතීඥවරියන්  න්දෙදෙනෙකු  පැමිණිල්ල  වෙනුවෙන්  ඉදිරිපත්  විය.. මෙහිදී  අපද්‍රව්‍ය  කලපුවට  මුදාහැරීම,  පවතින  දුඟඳ,  ධීවර  රැකියාවන්ට  සිදුවන  හානිය  ගැන  ආදී  වශයෙන්   කරුණු  දක්වන ලදී. එමෙන්ම  පිටිපන  ගම්වාසීන්ද  50ක  පමණ  පිරිසක්  මෙහි  සිටිනු  දැකියහැකි විය .  අද  මෙම  නඩුව  නැවත  පැවරීම  ගැන  පැමිණිළි  පාර්ශවයෙන්  පෙනීසිටින  සුරංග  පෙරේරා  අපවෙත  තම  අදහස  ඉදිරිපත් කළේ  මෙසේය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පෙනිසිටින්නේ කරවල මුදලාලිලා වෙනුවෙන්ද ?

කලින්   නගරසභාවේ   මහජනසෞඛ්‍ය  පරීක්ෂක වරු  මෙම  නඩුව  පවරා  තිබුනත්,  අන්තිමේදී  ඔවුන්  කරවල  වාඩි කරුවන්ගේ  පැත්තට  වාසිවන  විදිහට  තමයි  වැඩ  කළේ.  ඒවගේම  රජයේ  අනෙකුත්  ආයතන  වුවත්  ඔවුන්ට  වාසිවන  ලෙස  තමයි  කටයුතු  කළේ.    ඒනිසා    තමයි  අපි  මේගැන  දුන්ගාල්පිටිය  පොලීසියට  කිව්වෙ.  දැන්  නඩුව  ගෙනියන්නෙ  පොලීසියෙන්.  අපි  7 දෙනෙක්  පැමිණිල්ල  වෙනුවෙන්  ඉදිරිපත් වෙනවා.

නමුත්   මෙම  නඩුවේ  විත්තිය    ලෙස  පෙනීසිටින    කරවල  වාඩිකරුවන්  කළින්    තමන්ගේ  නිවැරදි බව  සඳහා  අයතා ලෙස  ක්‍රියාත්මක  වූවාසේ  ඉදිරියටත්  කටයුතු  නොකරාවියැයි  සිතිය  නොහැක.  ඒනිසා   පරිසරය  රැකගැනීම  වෙනුවෙන්  ඉදිරිපත්වන  සියළුදෙනා  සහ  මහ ජනතාව  දැඩි  අවධානයකින්  කටයුතු  කළ  යුතු  බැව්  අප  විසින්  අවධාරණය  කරන්නෙමු.