පිටිපන තිප්පොලක කසිප්පු ජාවාරම ජයටම ? දුන්ගාල්පිටිය පොලිසිය මුකුත් නොකරන්නේ වාසි ලැබෙන නිසාද ?

0
86

policeමීගමු පිටිපන බංගමැන්ඩිය කියන ප්‍රදේශයේ තිප්පොලක කසිප්පු ජාවාරම ජයටම මේ දිනවල කරගෙන යන බව ප්‍රදේශවාසින් පවසා සිටිති. මේ පිළිබදව අදාල වගකිව යුත්තන් හට දැනුම් දිම් කළද මේ ස්ථානය වැටලිමක් මේ වන තුරුත් සිදුව නොමැත.
මේ ප්‍රදේශය භාරව කටයුතු කරන දුන්ගාල්පිටිය  පොලිසිය මේ ස්ථානය වටලන්නේ නැත්තේ ඇයිදැයි ප්‍රදේවාසින් ප්‍රශ්ණ කරති.ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ එසේ නොකරන්නේ ඇතැම් පොලිස් නිලධාරින්ට හට මොනයම් හෝ  වාසියක්  මේ අරක්කු තිප්පොලේ හිමිකරුවගෙන් ලැබෙන නිසාදැයි කියාය .
කෙසේ වෙතත් ආදල උසස් පොලිස් නිළධාරින්ගේ මේ ප්‍රදේශවාසින් විසින් මතුකරනු ලබන සාධාරණ ප්‍රශ්ණ වලට වහා අවධානය යොමුකරනු ඇතැයි අප විශ්වාස කරමු.