පිටිපන මහ විදුහලෙන් කන්‍යා සොහොයුරිව ඉවත්කර නව විදුහල්පතිවරයෙක් පත්කර ඇත්තේ ඇයි ? ?

0
201

DSC_0168(8.26pm)මීගමුව   පිටිපන ශාන්ත මරියා මහා    විදුහල  භාරව  කටයුතු  කරන  කන්‍යා සොහොයුරිය    වෙනත්  ස්ථානයකට  මාරුකිරීමට  මීගමුව  අධ්‍යාපන    කලාප  කාර්යාලය   විසින්  ගෙන ඇති තීරණයට  එරෙහිව  යමින්   පාසැල්  සංවර්ධන  කමිටුව  සහ  ප්‍රදේශවාසීන්  විසින්  සූදානම්  කළ  උද්ගෝෂණයක්    අද (23දා )   පැවැත්විණි. මේ  සදහා  300 ක  පමණ  පිරිසක්  සහභාගි වූහ.
මෙම නව විදුහල්පතිධූරය සම්බන්ධයෙන්   මීගමුව   කළාප  අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන්  විමසූ අතර   ඔහුගේ  පිළිතුර  වූයේ   පිටිපන  මහ  විද්‍යාලයේ  විදුහල්පති තුමිය  මෙම  පාසැලේම  තියන්නැයි   දෙමාපියන්  පිරිසක්  ඉල්ලන  නමුත්,  ඇය  සම්බන්ධව  පළාත් අධ්‍යාපන කාර්යාලයෙන්  විමර්ශණයක්   කර  නුසුදුසු  බව  ඔප්පුවී   එහි  ප්‍රතිඵලයක්  ලෙස    මෙම  තීරණය  ගෙන ඇති  බවයි.
එමෙන්ම අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ  මෙය  ඉහළින්  ගත්  තීරණයක්  බැවින්   ඔහුට  ඒසම්බන්ධව  කිසිවක්  කළනොහැකි   බවයි.

පිටිපන ගම්වාසීන්න්ගෙන් පිරිසක් කන්‍යා සොහොයුරියව විදුහල්පතිධූරයේ තබාගැනීමට කැමැත්තක් දක්වන අතර තවත් පිරිසකගේ අදහස වන්නේ    එමෙන්ම මෙම  කන්‍යා සොයුරිය මෙම පාසලේ විදුහල්පතිධූරයය සදහා  A ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විදුහලට අවශ්‍ය බවයි.