පිබිදෙන මීගමුවට අකුල් හෙලන පාලකයෙක් ??

0
70

DSC_1152new

මාබිම ව්‍යපාරය  විසින් මීගමුවේ ඉදිකරනු ලබන වනතම නිවාස ව්‍යාපෘතිය  වන AEONSKY’    ‘ නිවාස සංකීර්ණයේ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සදහා ජූලි 03 වනදා මීගමුව නගර සභාවට එක්ලක්ෂ විසි හතරදාහක් මුදල් ගෙවා තිබුණි.
ඒ අනුව තෙල්වත්ත හන්දියේ ප්‍රධාන පුවරුව දෙපැත්තේම මෙම වෙළඳ දැන්වීම ප්‍රදර්ශනය කර තිබුණි.
එහෙත් පසුගිය   (ද5) වනදා හදිසියේම සිංහ සමාජයේ  වෙළඳ දැන්වීමක් එහි එක් පැත්තක ප්‍රදර්ශනය කර තිබෙනු දැකිය හැකිවිය.


මේ සම්බන්ධයෙන් අදාල ව්‍යාපාරික ආයතනයෙන් අඩුම තරමින් කිසිදු විමසිමක් හෝ දැනුම් දිමක්වත් සිදුකර නැති බවද වාර්ථා වේ.
මීගමුව යනු බස්නාහිර පළාතේ ඉදිරියට එමින් තිබේන ප්‍රධාන වානිජ නගරයකි. . AEONSKY’    ‘ නිවාස සංකීර්ණ ව්‍යපෘතිය යනු මිගමුවේ ඉදිකෙරෙන පළමු මහල් නිවාස සංකිර්ණය ද වේ.
සාමාන්‍ය ප්‍රචාරණ කලාවෙන් බැහැරව යමින් ඔවුන් මතුකර තිබුනේ පිපිදෙන මිගමුවක් ගැනය.
එහෙත් ඛේදවාචකය වන්නේ එවන් බරසාර අදහස් හෝ දැක්මක් ගැන අවබෝධ කරගැනිමට හැකියාවක් නැති නගර පාලනයක් දැන් මිගමුවේ තිබිමය.
ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන්නේ මෙයයි. දැන් පටන් ගත්තා පමණි.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටය.