මීපුර පුවත් පත මීගමුවේ අභිමානය සහ උරැමය සයිබර් අවකාශයේ සටහන් තබන්නට කල්පනා කළේ ඒ කටයුත්තට විධිමත්ව කිසි කෙනෙක් මෙතෙක් අවංක මහන්සියක් අරන් තිබුන බවක් නොදුටු හින්ද.
ඒ හින්ද පහුගිය කාලේ අපි මිපුර පුවත්පතෙන් මීගමුෙව් කලාකරුවන් පිළිබදව අපි කරපු ලිපි මාලාව අපේ වෙබ් අඩවිය හරහා සයිබර් අවකාශයේ ස්ථිරව රදවා තබන්නට කල්පනා කළා.
මේ අපි මිපුර 2003 අප්‍රේල්..පුවත්පතේ කලාපයේ මීගමුවේ ලාල් දිසානායක මහතා ගැන තබන ලද
මම පාසැල් ගියේ සෙන් ජෝෂප් විදුහලට. තාත්තා තමයි චිත්‍රපටි නිෂ්පාදනයට මුල පිරුවේ. පාසැලේ අධ්‍යාපනයට එතරම් කැමැත්තක් තිබුණේ නෑ. 1965 විතර තාත්තා චිත්‍රපටියක් කරන්න මුල පුරමින් හිටියා. පළමුවෙන්ම කරන්න හැදුවේ සීගිරි කාශ්‍යප නමුත් එ්ක කෙරුනේ නැහැ. 1965 අවුරුද්දේ සත් සමුදුර ෆිල්ම් එක කරන්න ලෑස්ති වුණා. මමත් එ් කාලේ ඉගෙනුමට වැඩි කැමැත්තක් නෑනේ. තාත්තත් එක්ක ෆිල්ම් එකේ වැඩවලට ගියා. එ් කාලේ මට අවුරුදු 16 ක් හෝ 17 ක් විතර ඇති. චිත්‍රපටියේ වැඩ පටන් ගත්තා. ෂූටිං තිබුනේ පිටිපන. ඩොක්ටර් සිරි ගුණසිංහ තමයි අධ්‍යකෂණය. ඩී.බී. නිහාල්සිංහ තමයි ෆිල්ම් එකේ සංස්කරණය සහ කැමරාකරණය.
මම පළමුවෙන්ම කෙරුවේ ලයිට් බෝඩ් අල්ලන එක. මට ඉතින් වැඩේ හිතට අල්ලලා ගියා. චිත්‍රපටියේ සියලූම වැඩ කරන හැටි බලාගෙන හිටියා. නිහාල්සිංහගේ ඉඳලා ෆිල්ම් එකට සම්බන්ධ වුණ නළු නිළියන් බොහෝ දෙනෙක්ගේ පළවෙනි චිත්‍රපටිය සත් සමුදුර පළවෙනි වරට මම ෆිල්ම් එකේ ස්ටීල් ඡායාරූප ගත්තා. ෂූටිං කරන දවස්වලම ඡායාරූප අරගෙන රෑට ඇවිත් ෆොටෝ සුද්ද කළා. තාත්තගේ ඉස්පිරිතාලේ එක කාමරයක ඩාක් රූම් එකක් හදාගත්තා. ෆිල්ම් එකේ පළවෙනි සිංදුව රෙකෝඩින් කළේ කැලණියේ සරසවි ස්ටූඩියෝ එකේ. මම මුළින්ම ස්ටූඩියෝ එකකට ගියේ එදා. එ් කාලේ රෙකෝඩින් කරද්දී දැන් වගේ නෙමෙයි. ඔකෙස්ට්‍රා එකේ විස්සක් තිහක් විතර ඉන්නවා. ඔකෙස්ට්‍රා ගහන ගමන්ම සිංදුවත් කියන්න ඕනෑ. දැන් වගේ වෙනම ගත්තේ නැහැ. එ් විදිහට රෙකෝඩින් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. සිනිඳු සුදු මුදු තලාවේ සිංදුව රෙකෝඩ් කෙරුවේ, ගායනා කළේ අමරදේව මහත්තයා. එදා වාදනයට සහභාගී වෙමින් තමයි ගායනයත් කළේ. රෙකෝඩින් පටන් ගත්තේ රෑ නමයට විතර. උදේ 6.00 වෙනකනුත් සිංදුව රෙකෝඩ් කරලා ඉවර නැහැ. අන්තිමට ටේප් එක කපලා එකට ජොයින්ට් කරලා තමයි සින්දුව හැදුවේ. ඇයි
අවුරුදු 25 ක් ඇතුළත තිරගත වුණ චිත්‍රපටි වලින් හොඳම චිත්‍රපටි 10 ක් තේරුවා. එ දහයට සත් සමුදුරත් තේරුණා. නමුත් ලෙස්ටර්ගේ දෙලොවක් අතර ෆිල්ම් එක එ්දහය අතරට ආවේ නැහැ. පස්සේ මම ගිහින් තිස්ස අබේසේකරගෙන් ඇහුවා මොකද ඔයගොල්ලන්ට ඔයාලා කරපු බොරුව අමතක වුණා ද? කියලා. මොකද එ් ගොල්ලොම තමයි සත් සමුදුර චිත්‍රපටියට සම්මාන නොදී කලින් ලෙස්ටර්ගේ දෙලොවක් අතර චිත්‍රපටියට හොඳම චිත්‍රපටියට හිමි සම්මානය දුන්නෙත්…
ඔකෙස්ට්‍රා එකේ වැරැද්දක් වුණොත් හරි ගායකයාගේ සුළු වැරදීමකට වුණත් සියල්ල නැවත මුල ඉඳලා ගන්න ඕනෑ. එහෙම වාර ගණනක් කරලත් ඉවර කරන්න බැරි වුණ තැන හොඳම රෙකෝඩින් එකතු කරලා සින්දුව හැදුවා. ෆිල්ම් එකේ ෂූටිං අවසන් වෙනකොට මම ඇසිස්ටන් ඩිරෙක්ටර් විදියට වැඩ කළා. එ්කෙන් වැඩත් ඉගෙන ගත්තා. එ්කාලේ දල සේයා පටි දැන් තරම් ගණන් නෑ. කලූ සුදු නේ. දැන් අඩි 25,000 ක් යනවා කියන්නේ සෑහෙන වියදමක්. කලර් හින්දා. සත් සමුදුරට ෂූට් කරලා තියෙනවා අඩි 80,000 ක්. එ්කෙන් තමයි තෝරලා ගත්තේ. මේ ෆිල්ම් එකේදි අපිට තාකෂණය පැත්තෙන් වුවත්, අනෙක් දේවල් වුණත් ඉගෙන ගනිමින් තමා කරන්න සිදු වුණේ. එ්නිසා වැරදීම් අනන්තවත් වුණා.
සංස්කරණය කරලා ඉවර වුණාම ෆිල්ම් එක පැය තුනහමාරක් දිගයි. තාත්තා බලලා කිව්වා කව්ද යකෝ මෙච්චර වෙලාවක් ෆිල්ම් එක බලන්නේ කියලා. පිටපත දිග වැඩියි. පස්සේ නිහාල් සිංහයි, මමයි එකතු වෙලා රූප රාමු අයින් කරලා පැය දෙකයි කාලකට සෙට් කළා. ඊළගට සිනිඳු සුදු මුදු සිංදුවට දර්ශන ෂූට් කරලා නෑ. සිංදුවක් තියෙනවා කියලා දන්නවා. විෂුවල්ස් නෑ. එ ගමන තමයි ටයිටල් එකට ගත්තේ සිංදුව. ටයිටල් එකට සිංදුව දාලා ෆිල්ම් එකේ අනෙක් සීන් වලට තේමා ගීතෙන්ම කොටස් අරගෙන දැම්මා. වෙනමම සංගීතය රෙකෝඩ් කළේ නෑ. එවා නියම සිස්ටම් එකට නොවුණත් අපේ නොදැනුවත්කම නිසා එ්වගේ දේවල් සිදුවුණා. නමුත් එ් වැඩ වලින් අපි හොඳට ඉගෙන ගත්තා.
ෆිල්ම් එක පෙන්නුවේ 1967 දී. පෙන්නන එකට ප්‍රශ්නයක් ආවා. එ් කාලේ සේරම චිත්‍රපටි පාලනය කරන්නේ සිනමාස් සහ සිලෝන් තියටර්ස්ලා. ස්වාධීන නිෂ්පාදකයෙක් ගිය ගමන් ලෙඩේ. ඇයි? එ්අයගේ නීති වලට යටත් වෙලා නැහැනේ.
එ්කට සෑහෙන්න හැප්පෙන්න වුණා. ලේක් හවුස් එකේ පත්තර වලින් සහයෝගය දුන්නා. අවසානයේ ෆිල්ම් එක දර්ශනය කරන්න පුළුවන් වුණා. සත් සමුදුර ෆිල්ම් එක ප්‍රදර්ශනය කිරීමට ගිය මොහොතේ ඇතිවුණ ගැටුම තමයි චිත්‍රපට සංස්ථාවක් බිහිවීමට ආරම්භය. තිබුණ ආයතන දෙකේ අධිකාරියෙන් බැහැරව නිෂ්පාදනය කරන චිත්‍රපටිවලට යන්න මාර්ගයක් ඕනෑ වුණා.
සත් සමුදුර ට සම්මාන අටක් විතර ලැබුණා. සරසවි සම්මාන, හොඳම චිත්‍රපටියට ලැබුණා. හොඳම සංස්කරණයට නිහාල්සිංහට ලැබුණා. දෙනවක හාමිනේට, එඩ්මන් විෙජ්සිංහ, මහගමසේකරට හා තවත් සම්මාන දෙකක් ලැබුණා. එ්වා නම් මට මතක නෑ.
එ් කාලේ ෆිල්ම් ෆෙස්ටිවල් වලට තිබුණේ සරසවි සම්මාන උළෙල විතරයි. අපේ චිත්‍රපටියට හොඳම චිත්‍රපටියට හිමි සම්මානය ලැඛෙන කොට දෙලොවක් අතර චිත්‍රපටියට සම්මාන ලැබුණේ නැහැ. සම්මාන ලැබිලා මාසයක් ඇතුළත පිරිසක් හැදුවා සංගමයක් එෆ්.සී.ෙජ්.සී. කියලා. එ්ක පටන් ගත්තේ ලෙස්ලි බොතේජු, ගාමිණී හත්තෙට්ටුවගම, තිස්ස අබේසේකර, නීල් අයි. පෙරේරා යන අය. එ් අය පටන් ගත්තා සම්මාන උළෙලක්. එ්කේ ෆිල්ම් තුනක් නම් කෙරුවා. සත් සමුදුර, දෙලොවක් අතර, සැඩොල් කඳුළු යන චිත්‍රපටි. එ්වායින් දෙලොවක් අතර චිත්‍රපටියට හොඳම චිත්‍රපටියට හිමි සම්මානය දුන්නා. මේ අය මේක කෙරුවේ අපි එක්ක තරහට. හේතුව සරසවි සම්මාන උළෙලේදී ලෙස්ටර්ගේ ෆිල්ම් එකට සම්මානයක් නොලැබීම. ඔවුන් එදා ඉඳලා සම්මාන උළෙලවල් තියෙනවා. එ්වාට අපේ ෆිල්ම්ස් නම් කරනවා. නමුත් සම්මාන දෙන්නේ නෑ. කිසිම දවසක ආරාධනා පත්‍ර එවන්නෙත් නෑ. ඔවුන්ගේ චිත්‍රපටි උළෙලවල් වලට. නමුත් අපේ ෆිල්ම්ස් නම් කරනවා. ඔහොම යද්දි සිංහල සිනමාවට අවුරුදු 25 ක් පිරෙනකොට එෆ්.සී.ෙජ්.සී. එකෙන්ම පැවැත්වූවා සම්මාන උළෙලක්. පවත්වලා අවසාන අවුරුදු 25 ඇතුළත තිරගත වුණු චිත්‍රපටි වලින් හොඳම චිත්‍රපටි 10 ක් තේරුවා. එ් දහයට සත් සමුදුරත් තේරුණා. නමුත් ලෙස්ටර්ගේ දෙලොවක් අතර ෆිල්ම් එක එ් දහය අතර නෑ. පස්සේ මම ගිහින් තිස්ස අබේසේකරගෙන් ඇහුවා මොකද? ඔයගොල්ලන්ට කියපු බොරුව අමතක වුණාද? කියලා. මොකද එහෙම එෆ්.සී.ෙජ්.සී. එකනේ. අවුරුදු 25 කට පස්සේ එ් අය කරපු බොරුව එ් අයටම අමතක වුණා. ඔහොම තමයි මේ ක්ෂේත්‍රයේ සමහර පුද්ගලයින්ගේ වැඩ. එ්වා හරිම වැරදි වැඩ. ජරා වැඩ. තමන්ගේ ෆිල්ම්ස්වලට විතරයි සම්මාන ලැඛෙන්න ඕනෑ කියලයි එ් අය හිතන්නේ. අලූත් අයට තැනක් දෙන්න කැමැත්තක් නෑ.
සත් සමුදුරින් පස්සේ අපි වෙස් ගත්තෝ චිත්‍රපටිය කෙරුවා. එ්කේ මම නිෂ්පාදනය සහ සංස්කරණය කළා. එ් වගේම සිහින ලොවක්, වල්මත් වූවෝ ෆිල්ම්ස් වල වැඩ කළා. එතැනින් පස්සේ මම චිත්‍රපටි කරන එක නැවැත්වූවා. එ්කට හේතු වුණා චිත්‍රපටි සංස්ථාවේ වැරදිත්. සංස්ථාව වගකීම භාරගන්නේ චිත්‍රපටියේ අධ්‍යකෂකගේ විතරයි. අපි මුදල් වැය කරලා චිත්‍රපටියක් කෙරුවට පස්සේ අපට එ්කෙන් ලාභයක් නැත්නම් වැඩක් නැහැනේ. සංස්ථාවෙනුත් එ්වාට සහයෝගයක් නැහැ.
තාත්තා මට සත් සමුදුර කරනකොට එඩිටින් ටේබල් එක අරන් දීලා තිබුණා. පස්සේ කැමරාවක් අරන් දුන්නා. ලයිට් උපකරණ, සවුන්ඩ්ස්, රෙකෝඩින් උපකරණ අරන් දුන්නා. දැන් ඉතින් ඉගෙන ගන්න කියලා තාත්තා කිවුවා. ටික ටික මම සේරම ඉගෙන ගත්තා. සිංහල චිත්‍රපටි 45 ක් 50 ක් විතර මම සංස්කරණය කරලා තියෙනවා. ඡායාරූප ගත්තා ෆිල්ම් 3 ක විතර. පස්සේ අමුතු අමුතු චිත්‍රපටිත් එන්න පටන් ගත්තනේ. එ් වගේ චිත්‍රපටි හදන්න අපි කැමතිත් නෑනේ. 1980 දී මම ස්ටූඩියෝ එකේ රෙකෝඩින් වැඩ පටන් ගත්තා. එ්කට මට ගොඩක් උදව් කෙරුවේ සරත් දසනායක. එතකොට සරත් දසනායක ආපු අලූත. එ්කටත් ප්‍රශ්න තිබුණා. සරත් දසනායක වැඩ කරනවට කැමති වුණේ නෑ කේමදාස මහත්මයා. මොකද එ් ගොල්ලන්ගේ ගෝලයෝනේ. මෙහේ තියෙනවා එහෙම ප්‍රශ්න. සරත් තමා මට අත දුන්නේ. බය නැතිව ස්ටූඩියෝ එක පටන් ගන්න කියලා. නෙලු ස්ටූඩියෝ එක තිබුණ තැන අපි වැඩේ පටන් ගත්තා. නෙලු මගේ යාළුවා. අපි වැඩ පටන් ගත්තා. පටන් අරගෙන අවුරුද්දක් විතර යන්න හම්බවුනේ නැහැ, කැසට්, ෆිල්ම් වල වැඩ ගොඩක් ලැබුණා. ලෙස්ටර්ගේ, සුමිත්‍රගේ ෆිල්ම්ස් වලත් අපි වැඩ කළා. එතකොට මම එක්ක වැඩ කළා මර්වින් ඛෙන්ස්. එතනින් මම නැවත සිලෝන් ස්ටූඩියෝ එකට ආවා.
1988 දී තාත්තා නැතිවුණා. 89 වෙනකොට රටේ දේශපාලන ප්‍රශ්න ආවා. මගේ දරුවන් තරමක් ලොකුයි එතකොට. අපි පදිංචියට ගියා ඕස්ටේ්‍රලියාවට. මම නිතර ලංකාවට ආවා ගියා. එහේ දී නිතරම අලූත් තාකෂණික ක්‍රම ගැන හෙව්වා. ඉගෙන ගත්තා. මෙහේ අපි පාවිච්චි කරන උපකරණමයි එහෙත් පාවිච්චි කරන්නෙත්. නමුත් අපිට බැරි ඇයි එ් කොලිටිය ගන්න. මට මේ ප්‍රශ්නය තිබුණා. ඉතින් මම එහේ ස්ටූඩියෝවලට රිංග රිංගා එ් ගැන සොයා බැලූවා. දැනට අවුරුදු දෙකකට පෙර මම නැවත වැඩ පටන් ගත්තා. අලූත් තාකෂණයත් එක්ක. කම්පියුටර් තාකෂණයත් එක්ක අලූත් සොෆ්ට්වෙයාර් වලින් මියුසික්, සවුන්ඩ්ස්වල වැඩ කරනවා. වීඩියෝ වැඩත් දැන් මම කරනවා. මොකද මට චිත්‍රපටි පසුබිමක් තියෙනවානේ. මම හරි ආසාවෙන් ඉන්නවා නැවත චිත්‍රපටියක් කරන්න. එ්කට ස්ක්‍රිප්ට් එකක් ලියලා තියෙන්නේ.
දැනට තරුණයෝ දෙන්නෙක් මං ළග වැඩ කරනවා. අපි ළග තියෙන තාකෂණය කා ළගවත් නෑ. මියුසික් කරන්නෙත් කම්පියුටර් මගින්. එ්වාට සමහර අයනම් විරුද්ධයි. නමුත් අලූත් තාකෂණයක් තියෙනකොට ඇයි අපි එ්වායින් ප්‍රයෝජන නොගන්නේ. රූපවාහිනිය ආවාට පස්සේ ඇතිවුණ නරක දෙයක් තමයි හරියට වැඩ දන්නේ නැති අය බිහිවීම. මාස 6 ක පුහුණුවක් කෙරුවම එ් අය හිතනවා එ්ගොල්ලෝ සේරම වැඩ දන්නවා කියලා. මාස 6 කින් පුළුවන්ද දෙයක් ඉගෙන ගන්න. අපි තාමත් ඉගෙන ගන්නවා. අනිත් එක නව තාකෂණික උපකරණ ගෙන්වන්න දෙන්නේ නෑ. ගෙනල්ලා දකෂ අයට එ්වා භාර දෙන්න කැමති නෑ. එහෙම අපේ දේවල් දියුණු කරන්න බැහැ. එක්කෝ එ් අය එ්වා ඉගෙන ගන්න ඕනෑ. නැත්නම් අලූත් අයට එන්න දෙන්න ඕනෑ. ඕවා තමයි දැන් තියෙන ප්‍රශ්න. ක්ෂේත්‍රයේ දියුණුවක් වෙන්නේ නැත්තේ එ්කයි. දැන් අපිට ෆිල්ම්වල අවසාන වැඩවලට ඉන්දියාවට යන්න වෙනවා. ෆිල්ම් අංශයේ හයි කරන්න ගියා අලූත් උපකරණ සෙට් එකක්. එ්කට තිස්ස අබේසේකර තොප්පියක් දැම්මා. එ්ක ඉවරයි. සංගීත අංශයට බඩු ගෙනාවා ලකෂ 150 ක. එ්වා දැන් නිකං තියෙනවා. පස්සේ ඉතිරි බඩු ගේන්න යද්දි තමයි ලෙඩේ දැම්මේ. එ් බඩු ගෙනල්ලා තිබුණ නම් අද අපි ඉන්දියාවට යන්න ඕනෙ නැහැ. සේරම මෙහේ කළහැකි.
මගේ තාත්තාගේ ගම කොච්චිකඩේ. අපේ පවුලේ සහෝදරයෝ පස්දෙනයි. මම වැඩිමලා. මල්ලිලා දෙන්නයි, නංගිලා දෙන්නයි. අම්මා දැන් ඉන්නේ මීගමුවේ මල්ලිලා ළග. මගේ හරි ආසාවක් තියෙනවා මීගමුවේ හොඳ ස්ටූඩියෝ එකක් පටන් ගන්න. මගේ උත්සාහය තමයි මම කරන මේ වැඩ අලූත් පරම්පරාවක් අතට බාරදෙන එක.