පිලිපින ජනපතිගේ ඝාතන රැල්ලට තවත් තරුණයෙක් බිලිවෙයි !

0
167
තම පුතුනුවන්ගේ දේහය ලග හඩා වැටෙමින්
තම පුතුනුවන්ගේ දේහය ලග හඩා වැටෙමින්
තම පුතුනුවන්ගේ දේහය ලග හඩා වැටෙමින්

තමන්ගේ දරුවන්ට වඩාත් හොද අනාගතයක් ලබා දීම සදහා ගෘහ සේවිකාවක් ලෙස මීට වසර දෙකකට පෙර කුවේට් බලා පිටත් වූ ලස්විමින්ඩා සියාපෝ නම් පිලිපීන ජාතික මව නැවතත් සිය නිවසට පැමිණෙන්නේ තමන්ගේ 19 හැවිරිදි පිරිමි දරුවාගේ මරණය පිලිබදව වන ආරංචිය ලැබීමත් සමගයි.

රේමාර්ට් නම් තම 19 හැවිරිදි පිරිමි දරුවා අවිගත් කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇති බවයි ආරංචි මාර්ගවලින් ඇයට දැනගන්නට ලැබී ඇත්තේ. ඔහු  ජීවත්වූ නිවසේ අසල්වාසියෙකු විසින් මෙම 19 හැවිරිදි තරුණයා මරිජුවානා නම් මත්ද්‍රව්‍ය විකුනණ බවට දිගින් දිගටම චෝදනා එල්ල කර තිබෙන අතර ඒ අනුව ක්‍රියාත්මක වූ අවිගත් කණ්ඩායමක් විසින් මෙම තරුණයා ඝාතනය කොට තිබෙනවා. මෙම තරුණායා අවිගත් කණ්ඩායම විසින් අල්ලාත් අවස්ථාවේ  අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලා ඇති අතර කිසිවෙක් ඔහු බේරා ගැනීමට පැමිණ නැහැ. තරුණයා උපතේ සිටම පාදවල ආබාධයකින් පෙළුනු නිසා ඔහුට එම මැරයන්ගෙන් බේරී දිවයාමට හැකියාවක්ද තිබී නැහැ.කෙසේ හෝ මේ සිදුවීම් මාලාවේ අවසානය ලෙස හසට එල්ල වූ වෙඩි ප්‍රහාර දෙකක් හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා.

මියගිය තරුණයාගේ මව පවසන්නේ කිසිදු වගවිභාගයකින් තොරව මැරයන් විසින් තමන්ගේ ආදරණීය පුතනුවන් ඝාතනය කොට ඇති බවයි. තමා සතු අත්බෑගය හා සෙල්ලම් බඩු කිහිපයක් ඇරෙන්නට වෙනත් කිසිවක් නොමැතිව කුවේටයේ සිට තම පුතනුවන්ගේ ප්‍රාණය රහිත දේහය දැකගැනීමට පැමිණ සිටි මෙම මව කෙසේ හෝ මෙම ඝාතනයේ වරදකරුවන් නීතියට හසු කර ගැනීමට මේ වන විට දැඩි උත්සහයක නිරත වෙමන් සිටිනවා.

කුවේට්හි සිට නැවතත් මැනිලා වෙත පැමිණි අවස්ථාව