පිලිපීනයේ මත්ද්‍රව්‍ය වැටලීම් ලේ විලක් වන ලකුණු..

0
96

පිලිපීනයේ බුලකාන් ප්‍රදේශයේදී පසුගිය ඊයේ (අගෝස්තු 15) දිනයේ පැය 24ක් ඇතුලත මත්ද්‍රව්‍ය වැටලීම් වලදී පිලිපීන පොලීසිය විසින් පුද්ගලයන් 32 ඝාතනය කොට තිබෙනවා. එක් දිනක් තුල මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සිදුවූ විශාලතම මනුෂ්‍ය ඝාතනය මෙය බවයි බටහිර මාධ්‍ය වාර්ථා කරන්නේ.

පොලීසිය පවසන ආකාරයට මෙසේ මියගිය සියළුම දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන අතර ඔවුන් ආයුධ සන්නද්ධව පොලිස්නිලදාරීන්ගේ රාකාරියට බාධාකර තිබෙනවා.කෙසේ හෝ වර්ථමාන පිලිපීන ජනපතිතුමන් විසින් 2016 වසරේ සිට ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිපත්තීන් නිසා මේ වන විට දහස්ගණනක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් මාධ්‍ය වාර්ථා කරනවා.

මත්ද්‍රව්‍ය වෙලදාම තුරන්කිරීම සදහා පිලිපීනය විසින් දියත්කරන මේ වැඩපිලිවල මේවනවිට ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි විරෝධයට ලක්ව ඇති අතර  පිලිපීන ජනපති විසින් මෙම ඝාතනය කිරීම් පිිගන්නා ස්වභාවයක්ද පවතිනවා.

_97400946_gettyimages-819387408

_97400401_cf91ffe6-7a45-46d7-aee6-5fe78b1b744b