පීඩිතයන්ගේ බිෂෝප් කව්ද ?

0
95

බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට යාමට ගොස් අත්අඩංගුවට පත් ජනයාගේ ඥාතින් විසින් මේ දිනවල විශාල වෙහෙසක් ගන්ෙන් සිරගතව සිටින සිය ආදරණියයන් කෙසේ හෝ නත්තලට කලින් බේරා ගැනිමටය. මේ වෙනුවෙන් ු ඔවුන් තුල වු ප්‍රධාන බලාපොරොත්තුව වුයේ කාර්දිනල් තුමන්ය.

එහෙත් දැන් ඒ සියල්ල බිදවැටි අවසන්ය.ඒ පසුගිය දිනක අගරදගුරු නිවසේදි එහි වැඩ සිටි එම්මානුවෙල් නම් බිෂෝප් තුමා විසින් පිඩාවට පත්ව සිටි මේ අසරණ ජනතාව තවත් අපහසුතාවට පත්කරන ලද ප්‍රතිචාරයක් ලබාදිම නිසාෙවනි.

ඊයේ සවස මීගමුව බස්නැවතුම් පලට රැස්ව සිටි මේ අසරණයන්  මිපුර වෙබ් අඩවියට පවසා සිටියේ  ඒ ගමනට සහභාගි වු 48 දෙනාගෙන් 28 දෙනෙක්ම එදින උදේටවත් දවල්ටවත් ආහාර ගෙන නොතිබුන බවය.

මේ බිෂෝපවරයා දෙයියන්ගේ නාමයෙන් ආයේ මේ වගේ ප්‍රශ්ණ අරන් මෙහෙ එන්න එපා යැයි කියා ඇත්තේ එවන් අසරණයන්ටය.

මේ අතර මන්නරාම් රදගුරු රායප්පු ජෝශප් හිමියන් ඕස්ට්‍රෙලියානු රජයෙන් ඉල්ලා ඇත්තේ සරණාගතයන් ලෙසින් සිටින අයව යළි ලංකාවට එවිමට කටුයුතු නොකරන ලෙසය.

මේ බිෂෝපවරුන් දෙදෙනාගෙන් පිඩිතයන්ගේ  පැත්ත ගෙන ඇත්තේ කවුද..?