පීසා හට් එකේ පෙනුමට අපස්ට් නිසා බස් හට් එක ගලවන දේශපාලනය..??

0
131

pizza hutවැලිවේරියේ ජනතාවට පිරිසිදු පානිය ජල ප්‍රශ්ණයක් මතුකරමින් ජිවිත 3 ක් බිළිගත් අති බිහිසුණු සිදුවිම හා බැදුනු  ආණ්ඩුව හා ඉතා සමිපයෙන් කටයුතු කරන ධම්මික නැමැති ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික උවමනාවන් ජනතාවගේ පානිය ජල ප්‍රශ්ණයට වඩා ප්‍රධාන වුණි .මේ නිසාම දින 6 ක් තුරුත් රජයේ වගකියුත්තගේ අවධානයට මෙය යොමුවන්නේ නැත.
ජනතාව පාරට පැන මං අවහිර කරමින් කටයුතු කරන තැනට පත් කර පසුව එය පාලනය කිරිම සදහා පමණක් ඉහලින් අණ ලැබනේනේ මිනිසුන් මරා හෝ පාර නිදහස් කර දෙන ලෙසය.
මේ අද දකුණේ ක්‍රියාත්මක දේශපාලනයේ හරයයි.
වෙන්නප්පුව ප්‍රාෙද්ශිය සභාවේ සභාපතිවරයා විසින් මීට මාස 6 කට ත් ඉහතදි වෙන්නප්පුවේ ඇති පීසා හට් එක ඉදිරිපිට ඇති බස් මගි ආවරණය එතතින් ඉවත් කරනු ලබන්නේ එය පීසා හට් එකේ පෙනුමට බාධාකරන බව ආදාල ව්‍යාපාරිකයා ඔහුට දැනුම් දි තිබුණ නිසාය.
මාර්ග සංවර්ධන අධිකාරියට සභාපතිවරයා පොරොන්දු වන්නේ එය කඩිනමින් වෙනත් තැනක පිහිටුවා ලන බවය.
එහෙත් එය එසේ සිදුවුයේ නැත.
මාස 6 කටත් වඩා තම බල ප්‍රදේශයේ ජනතාව බසයක් එන තුරු රැදි සිටින්නේ හිසට කිසිදු සෙවනක් නැතිව බව දැන් මේ සභාපතිට වගක් නැත.