පීසා හට් එක නිසා ගැලවූ බස්නැවතුම තවමත් ඉදිවී නැහැ

0
178

questionsදැනට  මාස  එකහමාරකට   පමණ  පෙර  දී  වෙන්නප්පුව ප්‍රා‍ෙද්ශීය  සභාවට මදක් නුදුරින්  මීගමුව දෙසට පිහිටා තිබූ   බස්නැවතුම්පල  වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව විසින්  කඩා ඉවත් කරන ලදී. මෙම බස්නැවතුම්පළ ඉවත්කරන ලද්දේ  එම ස්ථානයේ අලුතින් ඉදිවූ  පීසා හට් අවන්හල ට  ඇතුල්වීම සදහා ඇති පිවිසුම් මාර්ගය  පිහිටා තිබුණේ එම බස්නැවතුම්පළ අසලින් බව, ප්‍රා‍‍ෙද්ශීය සභාවෙන් විමසූ විට දැනගන්නට ලැබුණි.  මේ වනවිටත් ඒම ස්ථානයේ   එම බස්නැවතුම්පළ වෙනුවට නව බස්නැවතුම්පළක්
ඉදිවී නොමැත.  මේ පිළිබදව හලාවත මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහ වෙන්නප්පුව ප්‍රාෙද්ශීය  සභාපතිවරයාගෙන් විමසා සිටින ලදී.   එහිදී වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ සභාපතිවරයා විසින්
පවසා සිටියේ මෙම  බස්නැවතුම්පළ නැවත ඉදිකිරීම සදහා තව ටික කාලයක් අවශ්‍ය බවත්
ඒ සදහා සුදුසු ස්ථානයක් තෝරාගෙන  එම බස්නැවතුම්පළ ඉතා ඉක්මණින් ගොඩනගන බවත්ය.questions

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here