පුංචි රෝමය චිකාගෝවක් කලේ කව්ද ?

0
58

මීගමුවේ හංදියක් ගානේ පල්ලි සහ දේව පිළිම තිබුනද අද රටේ පාතාල මෙහෙයුම් ඇතුළු මංකොල්ලකෑම් රැසක් සිදුවෙමින් ඇති නගරය බවට පත්ව තිබේ.
පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ පොලිස් නිළධාරින් පැහැර ගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිරිසක් ලැගුම් ගෙන සිටින්නට තෝරාගෙන තිබුනේ මීගමුවයි.
තෙමසක් ඇතුළත රන් ආභාරණ සැල් 3 ක් කොල්ලකා පළා ගිය ඇත්ත කොල්ලකරුවන් සොයා ගැනිමට මීගමුව පොලිසිය තවමත් අසමත්ය.
සියල්ල පාලනය කිරිමට යැයි කියා පුද්ගලික වෑන් රථ දෙකක් මගින් නගරයට ආරක්ෂාව සැපයිමට උත්සවශ්‍රියෙන් පසුගිය දිනක ඇරඹි උකුස්සා විශේෂ මෙහෙයුම් ඒකකයද අර්බුදයට යවමින් තවත් මංකොල්ලයක් පසුගිය දිනක මැදියම් රැයකදි සිදුවිය.
ඒ උකුස්සා රාත්‍රි 10 ට සේවයෙන් නික්ම ගිය පසුවය.
නගරයට ඇමැති වරුම දෙදෙනෙකි.යුද සමයේ පවා දමිල ජනයා ආරක්ෂිත ස්වර්ගයක් ලෙස සැලකු ප්‍රදේශය වුයේද මීගමුවයි. ඒ නිසා යුද බියෙන් පළා ආ දමිල ජනයා බොහෝ දෙනෙකු මෙහි සිය වාසස්ථාන බවට හරවා ගති.
යුද්ධය අවසන්ව 2014 මැයි 18 වනදා වසර 5 ක් පිරෙයි. යුද සමයේ වත් නොතිබුන ආනාරක්ෂිත තත්වයකට දැන් මීගමුව පත්ව තිබේ.
මෙයට වගකිව යුත්තේ කව්ද ?N-Lanza