පුත්තලම් එජාප සංවිධායකයෝ ”සමඟි”ය මඟ හැරියේ ඇයි??

0
106

පසුගිය කාලය තුල නිදහසේ වේදිකාව ඇතුළු විවිධ ආණ්ඩු විරෝධි ක්‍රියාකාරිත්වයන් සදහා එජාපයේ පුත්තලම් දිස්ත්‍රික් එජාප සංවිධාකයන්ෙග් කිසිදු සහයක්  නොලැබනු බව නිදහසේ වේදිකාවේ පුත්තලම් දිස්ත්‍රික් කමිටු සාමාජිකයෙකු මීපුර ට පවසා සිටියේය.
මෙම අදහස් පළකිරිමට නිමිත්ත වු තිබුනේ නිදහසේ වේදිකාව විසින් සමගි බලවේලය පිළිබදව මහජනයා දැනුවත් කිරිම සදහා 2013 සැප් 11 වනදා  මහවැව නගරයේදි සිදුකරන්නට යෙදුන අත්පත්‍රිකා බේදිමේ වැඩපිළිවෙලක් තුලදිය.
මේ අවස්ථාව සදහා එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා ද සහභාගිව සිටි යද   මේ අවස්ථාවට  ඔහු හා එක්ව මහජනයා අතර පත්‍රිකා බෙදිමට පුත්තලම් දිස්ත්‍රික්කයේ එකදු සංවිධායයෙකු පැමිණ නොසිටිම විශේෂත්වයක් විය.(පළාත් සභා  අපේක්ෂක ශාන්ත අබේසේකර මහතා පමණක් අත්පත්‍රිකා බෙදිමේ වැඩසහන අවසන් විෙමන් පසුව පැමිණ සිටිනු දක්නා ලදි )
විශේෂයෙන්ම මේ පිළිබදව ඉතාමත් කළකිරිමෙන් අදහස් දක්වා සිටි තොඩුවාවේ සිට මෙම අත්පත්‍රිකා බෙදාහැරිමට පැමිණ සිටි එජාප ක්‍රියාකාරියෙකු දන්වා සිටි මෙම වැඩසටහන් ගැන නාත්තණ්ඩියේ ආසන සංවිධායක හෙක්ටර් අප්පුහාමි ඇතුළු ඒ අවට සියළු එජාප පළාත් සභා අපේක්ෂකයන් හට දැනුම් දුන්නද ඒ කිසිවෙකුත් නොපැමිණිමෙන් හෙළිවන්නේ ඒ සැමට ඇත්තේ මේ රජය එළවා ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුවක් පත් කරගැනිම සදහා වන ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිමේ උවමනාම නොව කෙසේ හෝ මනාප පමණක් වැඩිකරගෙන තමන් සහ තමන්ගේ පවුල ගොඩදාගැනිමේ වෑයමක්  බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මහවැව පැවැත්වෙන මෙම මහජනයා දැනුවත් කිරිමේ මුලික සංවිධාන කටයුතු පිළිබදව සාකච්ජාවට පැමිණ තිබු පළාත් සභා අපේක්ෂක නිතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පසව නිදහසේ වේදිකාවේ සංවිධායකයන්ව මහඅරින්නට පටන් ගත් බවත් එයට හේතුව විය හැක්කේ එජාප පුත්තලම් සංවිධායක නිරෝෂන් ප්‍රනාන්දුගේ බලපෑම විය හැකි බවත් දංකොටුවේ සිට මෙම උද්ෙඝා්ෂණයට පැමිණ එජාප ක්‍රියාධරයෙකු හෙළි කර සිටියේය.
නිදහසේ වේදිකාව මහජන ව්‍යාපාරය සදහා කිසිදිනක කිසිදු සහයක් පළනොකල සජිත් ප්‍රේමදාස ගේ හෙවැනැල්ල තවමත් පුත්තලමට වැටී ඇති අයුරු මේ එජාප සංවිධායකන්ගේ ප්‍රතිචාරවලින් නොහැගෙන්නේදැයි යන ප්‍රශ්ණයක්ද නම සදහන් කිරිමට අකැමැති වු අයෙක් මතුකර සිටියයේය.
නිරෝෂන් ප්‍රනාන්දු සහ හෙක්ටර් අප්පුහාමි යනු සජිත්ගේ ප්‍රබල පුත්තලමේ ගෝලයන්ව සිටි බව අප අමතක නොකළ යුතුයැයිද ආණ්ඩු විරෝධි කිසිදු උදඝෝෂණයකට පසුගිය කාලය තුල මේ දෙදෙනාම කිසිදු සහයක් නොදක්වා ඇති බවද තවදුරටත් කරුණු දක්වා සිටි තොඩුවාවේ එජාප ක්‍රියාකාරිකයෙකු මීපුර පැවසිය.
tissa 5ඔහු තවදුරටත් සදහන් කළේ 2013 පෙබරවාරි 15 වනදා හලාවත නගරයේදි පැවති ආණ්ඩුව විසින් ඝාතනය කළ ධිවර ක්‍රියාකාරිකයෙකු වු ඇන්ටන් ප්‍රනාන්දු සමරුමට හලාවත ආසන සංවිධායක ශාන්ත අබේසේකර ඇරෙන්නට කිසිෙවකුත් නොපැමිණි බවය.