පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩෙංගු වැඩිම නගරය වෙන්නප්පුව

0
91

Negombo-News මාස 9 ක් ඇතුළත ඩෙංගු රෝගයෙන් මිය ගිය ගණන 06 ක් විමත් සමගින් වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ බල ප්‍රදේශය පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩෙංගු වැඩිම නගරය බවට පත්ව ඇතැයි වාර්ථා වේ.

මීට මාස කිපයකට ඉහතදි වෙන්නප්පුවේ මායිමෙන් ඇරඹි ඩෙංගු තත්වය දැන් නගරයේ හරි මැදට පැමිණ තිබේ.වෙන්නප්පුව ශු.පවුලේ බාලිකා පාසැෙල් 4 වන වසරේ ඉගෙනුම ලැබු දියණියක් පසුගිය සතියේ මිය ගොස් තිබුනේ උණ වැලදි දින 5 කටත් අඩු කාලයක් තුළදිය.

කෙසේ වෙතත් මේ අතැම් මරණ විග්‍රහ කරගැනිමේදි පෙනි යන කරුණ වි තිබුනේ විශේෂයෙන්ම නිසි ප්‍රතිකාර ක්‍රම වලට ඉක්මනින් ප්‍රවේශ නොවිම මේ බෙෙහාමයක් මරණ වලට හේතුවි ඇති බවය .

කෙසේ වෙතත් වෙන්නප්පුවේ මේ තත්වය පාලනය කිරිම සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලබන සතියේ සිට ආරම්භවිමට නියමිතව ඇත. එහෙත් එවන් වැඩසටහනක් වෙනුවෙන් ප්‍රමුඛතාවක් දි කටයුතු කරන්නට වෙන්නප්පුවේ දේශපාලන අධිකාරිය සුදානම්ද ..??